IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බුදුපිළිමය හෝදන්න නොදුන්නැයි නායක හිමියන් ගස් බැඳලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෙසක් පුන් පොහෝ  අළුයම මැදවච්චිය ප්‍රදේශයේ  විහාරස්ථානයකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදීණු පිරිසක් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමි නමක බුදු මැදුරේ කොන්ක්‍රීට් කණුවක තබා ගැට ගැසූ බව කියන විහාරස්ථානයේ දායකයන් පස්දෙනෙක් මැදවච්චිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

විහාරස්ථාන භූමියේ වෙසක් සැරසිලි කිරීමට පෙර දිනයේ දායකයන් පිරිසක් පැමිණ ඇත.

මෙසේ පැමිණි පිරිස අතර සිටි කිහිප දෙනකු බුදු මැදුරේ තැන්පත් කර ඇති බුදු පිළිමයක් ඉවතට ගෙන පිරිසිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට මෙම හිමිනම අකමැත්ත ප්‍රකාශ කිරීම මෙවැන්නක් කිරීමට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී පැමිණෙන තෙක් කිසිවකු හිමිනම බැඳ තබා තිබූ ලණුව ඉවත්කර මුදා ගැනීමට ඉදිරිපත් වී නොමැති බවද පොලිසිය කියයි.

 



අදහස් (6)

බුදුපිළිමය හෝදන්න නොදුන්නැයි නායක හිමියන් ගස් බැඳලා

පිටිගල මිලානෝ Saturday, 06 May 2023 10:24 AM

පිංවත් මහණක් සහ පිංවත් දායක පිරිසක් එලොවට පිං රැස් කිරීම සදහා මෙලොවදී කල අරගලයක්….

:       2       14

ඇබිත්තෙයා Saturday, 06 May 2023 11:32 AM

විහාරයක පිළිමයක් තැන්පත් කර බලගැන්වීමක් කරනවා ඉන් පස්සෙ නැවත ඉවත්කර ආයෙත් තැන්පත් කලොත් නැවතත් බලගැන්වීමට අවශ්‍ය වෙන්න පුළුවන් කොහොම වුනත් දායකයො සියල්ලෝම හොරු කියලා පේනවා මොකද පොලිසිය එනතුරු හාමුදුරුවෝ ගස්බැදීමට කිසිවෙක් විරුද්ධව සිට නැතිනිසා.

:       28       9

පිටිගල මිලානෝSaturday, 06 May 2023 01:55 PM

ඇයි බලගැන්නුවේ නැත්නම් වැඩ කරන්නේ නැද්ද?

:       27       13

ඇබිත්තෙයාSaturday, 06 May 2023 02:39 PM

අන්‍යාගමික කෙනෙක් හැටියට නොදන්නා නිසා ප්‍රශ්න කලා කියලා හිතෙනවා ඇබිත්තයෙක් හැටියට මට ඒකට උත්තර දෙන්න දැනුමක් නැහැ. ඒ නිසා පන්සලකට යන්න කැමැත්තක් ඇත්නම්, ගුණධර්ම රකින සීලවන්ත, ගුණවන්ත ඇසූපිරූ තැන් ඇති වැඩිහිටි හාමුදුරුනමක් හමුවෙලා අහලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ...

:       0       2

ලසන්ත Saturday, 06 May 2023 03:18 PM

මැතිවරණයක් පවත්වා තේරෙන කෙනෙක් උත්සවයක් තියලා දිවුරුම් දීමක් කරන්නේ මොකටද මහත්තයෝ... අද ඔටුන්න පළඳින චාල්ස් රජ්ජුරුවෝ මෙතෙක් කාලයක් වැඩ කළාවුණත් මොකටද ලෝක නායකයින් ගෙන්නලා ඔවුන් ඉදිරියේ ඔටුන්න පළඳින්නේ කියලා හිතා බලන්න..

:       0       0

Zeylanicus Sunday, 07 May 2023 10:48 AM

බලගන්වනවා කියලා මොකක්ද කරන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site