(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෙසක් පුන් පොහෝ අළුයම මැදවච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදීණු පිරිසක් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමි නමක බුදු මැදුරේ කොන්ක්‍රීට් කණුවක තබා ගැට ගැසූ බව කියන විහාරස්ථානයේ දායකයන් පස්දෙනෙක් මැදවච්චිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
විහාරස්ථාන භූමියේ වෙසක් සැරසිලි කිරීමට පෙර දිනයේ දායකයන් පිරිසක් පැමිණ ඇත.
මෙසේ පැමිණි පිරිස අතර සිටි කිහිප දෙනකු බුදු මැදුරේ තැන්පත් කර ඇති බුදු පිළිමයක් ඉවතට ගෙන පිරිසිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට මෙම හිමිනම අකමැත්ත ප්‍රකාශ කිරීම මෙවැන්නක් කිරීමට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී පැමිණෙන තෙක් කිසිවකු හිමිනම බැඳ තබා තිබූ ලණුව ඉවත්කර මුදා ගැනීමට ඉදිරිපත් වී නොමැති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිංවත් මහණක් සහ පිංවත් දායක පිරිසක් එලොවට පිං රැස් කිරීම සදහා මෙලොවදී කල අරගලයක්….
විහාරයක පිළිමයක් තැන්පත් කර බලගැන්වීමක් කරනවා ඉන් පස්සෙ නැවත ඉවත්කර ආයෙත් තැන්පත් කලොත් නැවතත් බලගැන්වීමට අවශ්‍ය වෙන්න පුළුවන් කොහොම වුනත් දායකයො සියල්ලෝම හොරු කියලා පේනවා මොකද පොලිසිය එනතුරු හාමුදුරුවෝ ගස්බැදීමට කිසිවෙක් විරුද්ධව සිට නැතිනිසා.
බලගන්වනවා කියලා මොකක්ද කරන්නේ?