
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිළධාරීන් කටයුතු කර තිබේ.
අඩු ආදායම්ලාභි පිරිස්හට ලබා දෙන සහල් කිලෝ 10 සලාකය කරුවලගස්වැව අඩු ආදායම් පවුල් 7881 කට ආසන්න පිරිසකට බෙදා දීමට රැගෙන විත් තිබුණි.
තිස්සමහාරමයෙ සිට සහල් මෝලකින් රැගෙන විත් තිබු කියන මෙම සහල් තොගය රුපියල් ලක්ෂ හැටකට වැඩි වටිනාකමකින් යුක්ත බවත්, සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම හේතුවෙන් ආපසු හරවා යැවු බවත් කියයි.
සහල් තොගයෙ කිලෝ 10 බැගින් ඇසුරා තිබු ඇසුරුම් වලට අමතරව තවත් උරයක මෙම සහල් අසුරා තිබු බව කියයි.
අදාල සහල් තොගය සම්බන්ධයෙන් ඇතිවු සැකය මත කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිළධාරීන් විසින් මෙම සහල් තොගය භාර ගැනිම ප්‍රතිප්ශේප කර තිබු අතර ඒ පිළිබදව කරුවලගස්වැව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලට දැනුවත් කිරීමේන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ද පරික්ෂා කිරීමේන් පසුව අදාල සහල් තොගය පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබේන මට්ටමක පවතින බවට ලබා දුන් සහතිකයද යොදා ගනිමින් අදාල සහල් තොගය ආපසු හරවා යැවිමට කටයුතු කර තිබුනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ලැබුණු වෙලාවේ දුප්පත් මිනිස්සුන්ට බෙදලා තිබ්බා නම් අපරාදේ... ඕක ඡන්දෙ කාලෙට බෙදන්න තියාගෙන හිටපු හින්දා නේ බොල්වෙලා තියෙන්නේ.
සුනාමි කාලේ පිට රටවලින් දුන්නු හාල් වලට වෙච්චි වැඩේ වගේ ඒ කාලෙත් හොඳම හාල් ආවා. ඒවා දේශපාලන බයියන් විකුණලා පරණ හාල් ඒ වෙනුවට බෙදුවා. දැනුත් වෙන්නේ ඒකම තමයි...
ආපසු හරවා යවන්නේ නැතිව සතුන්ට දෙන්න හෝ විනාශ කරන්නයි තිබුණේ. අසුරනය වෙනස් කරලා ඕවා ආපසු කවන්නේ මිනිස්සුන්ටම තමයි.
ආපසු හරවා යැව්වා? පිස්සුද මන්දා, රාජසන්තක කරලා විනාශ කරන්නේ නැතිව...
අමරවීර මහත්තයගේ යකා අවුස්සන්න එපා.. ඔබලාට නිකන් දෙන හාල් එපා නම් ඒ ටිකත් හම්බන්තොටටම බෙදන්නම්...!
වී වවන පැතිවලට හාල් බෙදන්න වූයේ ඇයි. නිකමුන්ට කිසිම දේක වටිනාකම නෑ.