
(අංජුල මහික වීරරත්න)
දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.
වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාල දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත ඉහත නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා ඉහත කරුණු සඳහන් කර ඇත.
දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැති වරයෙකු බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළැයි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේ ඉවත්වූ දේශපාලනය උන්වහන්සේගේ චීවරය දාගෙන ඇතැම් දෙනා සිදුකිරීම, චීවරය දාගෙන පෙළපාලි යාම, ගොවිතැන් හා ව්‍යාපාර කිරීම, යූ ටියුබ් එකේ කුණුහරුප කතා කීම, බණකීමට ලක්ෂ ගණන් මුදල් අයකිරීම වැනි දේ බෞද්ධයින් කළද එයින්ද සිදුවනුයේ, බුදු හිමියන්ට අපහාස කිරීම් බව පෙනේ. ඒ නිසා ඉහත කී දේටද නිසි පරිදි ක්‍රියාකළ යුතුයි...
එයාගේ දේවබලේ පෙන්නාලා ජැක්සන් ඇන්තනිව සුවකරන්න කියන්න ඕනේ... කරන්න බැරි නම් මෙයාට කටට ඉබ්බෙක් දාලා වහන්න ඕනේ. ක්‍රිකට් එක නැතිම නැතිකළා. යාපනේ හින්දු කොල්ලන්ට, මුස්ලිම් කොල්ලන්ට, බෞද්ධ කොල්ලන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට එකතුවෙන්න බැරි මෙයා හින්දා තමයි ගොඩක් අය කියන්නේ... මේ තත්වේ මුස්ලිම් සමාජය හොඳට දන්නවා...!
බුදුන්ට අපහාස කළ මෙවන් පුද්ගලයින් ජාතින්, ආගම් අතර ගැටළු නිර්මාණය කිරීමට උත්සාහ දරනා බවක් පෙනෙන්නට තිබේ. නීතිය ක්‍රියාත්මක කළයුතුවේ. ඔහු යළිත් මෙවැනි ප්‍රකාශ නොකරන බවට සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගෙන් සහ ඔහුගේ ප්‍රකාශය නිසා කිතුණු බැතිමතුන්ටද යම් අපහසුතාවක් ඇතිවේ නම් ඒ පිළිබඳවද කණගාටු වන බව සහ නැවත මෙවැනි ප්‍රකාශ නොකරන බවට ප්‍රසිද්ධියේ සමාව ගත යුතු වේ..
බොහෝවිට අන්‍ය ආගමිකයින් තවත් ආගමක් විස්තර කරන්නේ තමන්ගේ නැණ පමණින්ය. කෙසේවෙතත් මෙවැනි ආන්දෝලාත්මක ප්‍රකාශ සිදු කිරීම නොයෙකුත් ආකාරයේ පලිගැනීම් වලට හේතු විය හැකි බැවින්, ඒවා නොකිරීමට වගබලා ගැනීම වඩාත් සුදුසුයි...
කලින් කලට මේ වගේ කාලකන්නි බිහිවෙනවා. කාගෙන් හරි ගුටිකාලා මැරෙන්න ඉස්සෙල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න...
බුදුන් වහන්සේට අපහාස කරන භික්ෂූන් වහන්සේලා කොයිතරම් ඉන්නවාද? මත්පැන් පානය කරන, ප්‍රසිද්ධ ස්ථාන වල රඟන, කාමේසු මිච්ඡාචාරයේ යෙදෙන, බාලවයස්කාර දරුවන්ට නොයෙකුත් වදහිංසා කරන චීවරධාරීන් කොතෙක් ඉන්නවාද? ඒ අය බුදුන් වහන්සේට අපහාස නෙවෙයිද කරන්නේ...? ඒ දේවල් ගැන වගේ වගක් නෑ.
පළමුවෙන්ම කරන්න ඕනෑ මෙයාව අත්අඩංගුවට ගන්න එක... මෙයා තමයි ක්‍රිකට් වලටත් හෙනයක් වුණේ... බලමු අත්අඩංගුවට ගන්න ඉක්මන සුදු ලෝගුකාරයින්ටත් තියෙනවාද කියලා...
බුදුන් වහන්සේට අපහාස වෙන විදියට කටයුතු කරන ප්‍රසිද්ධ චීවරධාරියෝත් ඔය ඉන්නේ?
මොහු අත්අඩංගුවට අරගෙන නිදහස් කලොත් කියයි දෙයියන් ඇප දුන්නු බව,දස වද දීලා මරපු පුතාත් විකුනන් කන්නෝ
මෙය ඊනියා දේශප්‍රේම සාටක රැළගේ යටිකුට්ටි කුමන්ත්‍රණයකි , ඔවහුන් සැමවිටම උපායමාර්ගිකව ජාතිය අනතුරේ මොහොතවල් නිර්මාණයකර නැවත බලය එමට උත්සත කර ඇති අවස්ථාවන් බොහොමයි
බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ නුසුදුසු හැසිරීම් ගැන කුමක් කිව හැකිද?