IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මෛත්‍රීයයි

බුදුන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව, ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර, එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළේය.

ඉන්දියාව මෙම 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ සාමයේ පණිවුඩය රැගෙන බවත්, ඉන්දියාව සැමවිටම සාමය වෙනුවෙන් කැපවී සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

‘වසර දහස් ගණනක් තිස්සේ අප (ඉන්දියාව) අපේ දැනුම ලොවට බෙදා දෙනවා. බුද්ධ දර්ශනය අනුව, ඉන්දියාව හැමවිටම ලෝකයට ගෙන යන්නේ සාමයයි. යුද්ධය නොවෙයි.’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔස්ටි්‍රයාවේ ඉන්දීය ප්‍රජාව අමතමින් කියා සිටියේය. ඔස්ට්‍රියාවේ වෙසෙන ඉන්දියානුවන් ගණන 31,000 කි. 

අග්‍රාමාත්‍ය මෝදි දෙදින නිල සංචාරයක් සඳහා වියානා බලා පැමිණියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසුවය. 

ඔස්ට්‍රියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වොන් ඩර්ලින් සහ චාන්සලර්වරයා වන කාර්ල් නෙහැමර්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලැබුණේ ඉතාමත් උණුසුම් පිළිගැනීමකි. ඉන්දු ඔස්ට්‍රියා ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට මෝදි සමත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු මේ අයුරින් ඔස්ට්‍රියාවට පැමිණියේ වසර 40 කට වඩා වැඩි කාලයකින් පසුවය. මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දියාවට පැමිණියේ ඉන්දිරා ගාන්ධිය. ඒ, 1983 වසරේදීය.



අදහස් (14)

බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මෛත්‍රීයයි

sam Thursday, 11 July 2024 06:03 AM

බුදුන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව ප්‍රකශ කලයුත්වන්නේ ගෝලීය නායකයන් සහභාගී වන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලදීය. මේ පිලිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය හඩක් නැගීමට ථෙරවාදී බුදුදහම පවතින සහ ආරක්ෂා කරනාවූ රටක් වන ශ්‍රී ලංකව කලයුතුවේ. බිලියන ගණනක් වැයකරමින් තමා විසින්ම තමාට හානි කරගන්නා යුද්දයට එරෙහිව මනුෂත්වය වෙනුවෙන් නැගීසිටීමට ශ්‍රී ලංකව ලෝකයේ ලොකු කුඩා සියලු රටවල් සමග සකජාවට අවතීර්ණ විය යුතුවේ. ලෝකයේ ඇති බහුතරයක් රටවල් මෙම යුද්දයට අකැමතිය. යුද්දය වෙනුවෙන් වයකරනාවූ මුදල් නය ලබගෙන තිබෙනාවූ රටවල නය කපාහැරීමට/සහන ලබාදීමට හෝ එම රටවල ආර්ථික දියුණුව උදෙසා, බිමට ජලය සැපීමට, සෞඛ්‍ය , අධ්‍යාපනය ,ආහාර සුරක්ෂිතතාව හෝ මිනිසා ජිවත්කරවීමට යොදාගත හැකිවේ.

:       2       38

janabala asamagi Thursday, 11 July 2024 08:23 AM

ක්‍රිස්තුස් වහන්සේ පෙන්වූ මඟ උතුම් යැයි ආගම හොඳින් අදහන ජනතාව කියනවා

:       12       2

ඇන්ජලි Thursday, 11 July 2024 09:40 AM

කවුරු කවුරුත් මාකටින් තමයි.

:       13       16

Ranga Jayawardene Thursday, 11 July 2024 10:27 AM

බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේය.

:       43       8

AtulThursday, 11 July 2024 12:14 PM

තවත් මොලේ අමාරු කාරයෙක්

:       6       8

DAKUNE APIThursday, 08 August 2024 08:35 AM

අඩෝ

:       0       0

Karu මයාThursday, 11 July 2024 03:56 PM

දැනට තියෙන ලයික් වලට අනුව ලංකාවේ සෑම 43 දෙනෙකුගෙන් 7 ක ටම ඔය පිස්සු අදහස තිබෙනවා...

:       0       0

JANAHITHAThursday, 08 August 2024 08:36 AM

පරංගියා පාරම් බාන හැටි

:       0       0

සෙනෙවිරත්න Thursday, 11 July 2024 10:40 AM

ඒ වුණාට ඒ මෛත්‍රිය පිළිබඳ උදාර වදන් දෙසූ උත්තමයාගේ උපත සිදුවූ ස්ථානය ගැන අපි මැරෙන්න වුණත් සූදානම් කියලා වාද කරන ජන කොටසක් අපි අතර ඉන්නවා... ඊට අමතරව එතුමාගේ මග යනවා වෙනුවට එතුමාගේ පිළිම වන්දනාව තමයි වැදගත් කියලා හිතන කොටසකුත් ඉන්නවා...

:       0       0

Saman Thursday, 11 July 2024 11:39 AM

එහෙම කියන ගමන් අසල්වැසි රටවල් වලට ගේම් දෙනවා

:       0       2

ගමේ එකාලා Thursday, 11 July 2024 12:15 PM

අපේ රටෙත් ඉන්නවා ඔහොම කියලා ජනතාව අන්දවපු නායකයෝ ?

:       4       7

sirantha Thursday, 11 July 2024 12:55 PM

මෛත්‍රී සහගතව ලංකාවේ සම්පත් ටික අපට විකුණන්න

:       0       7

sumithra Thursday, 11 July 2024 01:52 PM

මෛත්‍රීයට අමතරව තව තියෙනවා. තණ්හාව ලංකාවේ සම්පත් වලට ඔබට අදානිලට, සහ තවත් අයට තියෙන දේ.

:       0       4

Ahmed (Gulf) Friday, 12 July 2024 02:17 AM

ක්‍රිස්තියානුවන් සහ මුස්ලිම්වරුන් කෙරෙහි මෝදි ගේ මෛත්‍රිය සහ සාමය කොහෙද, ඔහුගේ ශිව සේනාව, RSS ඉන්දියාව පුරා මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානීන් මරා දමයි, කුහකයෙකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17837 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site