
බුදුන් වහන්සේගේ උපත සහ උපන් ස්ථානය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් ඉන්දියාව සහ නේපාලය අතර වාග් යුද්ධයක් හටගෙන ඇත.
ගෞතම බුදු රජාණන් වහන්සේ ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයකු යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ඉකුත් දිනෙක ප්‍රකාශ කළ අතර ඊට නේපාලයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමඟ බුදුන් වහන්සේගේ උපත සහ උපන් ස්ථානය සම්බන්ධයෙන් මෙලෙස ඉන්දියාව සහ නේපාලය අතර වචන හරඹයක් නිර්මාණය වී තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු ඊට දැඩි පිළිතුරක් දෙමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.
‘‘ඔබට මතක ඇති ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවන් කවුද ? මම නම් කියන්නේ ගෞතම බුදුන් වහන්සේ. අනෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයා මහත්මා ගාන්ධි’’ යැයි පසුගිය සෙනසුරාදා අන්තර්ජාලය ඔස්සේ පැවැති සමුළුවක් අමතමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.
එම ප්‍රකාශයත් සමඟ නේපාලය දැඩි කෝපයට පත්වූ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දැඩි පිළිතුරක් දෙමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන් පසු දිනම නිවේදනයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්ගේ අමා ධර්මේ... නොතේරී ධනා මේ... වෙලීලා බැඳී මෝහේ විනාසේ වුණා මේ...
ශ්‍රී ලංකාවේ සමහරුන් සිතන්නේ බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබූ බවයි.
මේ රටවල් දෙකම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේවත්, නේපාලයේවත් නෙමෙයි කියලා මේ රටවල් දෙකම දන්නවා. නමුත් 1948 ඉඳන් ඉන්දියානු ගැති පාලනයක් තියෙන ලංකාවේ පාලකයෝ කවදාවත් ලංකාවේ සැබෑ ඉතිහාසය මතු වෙන්න දෙන්නේ නැති බව ඉන්දියාව දන්නවා. ඒ හින්දා ඔවුන් බය නැතුව මේ කතාව කියනවා. අනිත් පැත්තෙන් මේ කතාව ඔවුන්ට සංචාරක ව්‍යාපාරයෙන් අධික මුදලක් උපයන්න උදව් වෙනවා. අතීත භාරතයට හෙවත් අද ඉන්දියාවට හෝ නේපාලයට අපිට වගේ ලිඛිත ඉතිහාසයක් නැහැ. හිනාවට කාරණාව නම් ඔවුන් බුදුරජාණන්වහන්සේ ගැන සාධක විදිහට ඉදිරිපත් කරන්නේ අපේ මහා වංශයේ තියෙන දේවල්. නමුත් මේ තත්වය තව වැඩි කල් තියෙන එකක් නැහැ. එතකම් ලංකාවේ සිංහල බෞද්ධයන්ට තියෙන්නේ ව්‍යාජ ලෙසින් දඹදිව වන්දනා ගිහින් රටේ විදේශ විනිමය අල්ලපු රටවල් වලට ගලා යන එක නවත්තලා ලංකාවේ සැබෑ ඉතිහාසය ඉස්මතු කරන්න වෙහෙසන පිරිසට සහයෝගය දෙන එක...
සත්‍ය නම් බුදුන් ඉන්දියාවේ උපන් බවයි. දැන් ලුම්බිණිය නේපාලයට අයත් කොට දේශසීමා සකසන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජයා විසිනි. එ් අනාගතය ගිනි අැවිලීමටය. දැන් එය සිදුවෙයි.
ඇයි මෙහේ සමහරක් කියන්නේ ලංකාවේ ඉපදුණා කියලා.. බස්වලත් ස්ටිකර් ගහගෙන යන්නේ බුදුන් උපන් දේශයයි කියලා.
සමහරක් නොදන්නවා වුණාට බුදුන් ඉපදී ඇත්තේ ජම්බුද්වීපයේ බවට මේ වනවිට සනාථ වී ඇත..
උන්වහ්සේ ඉපදුනේ දඔදිව (භාරතයේ) මිසක් ඉන්දියාවේ හෝ නේපාලයේ නොවේ.