(ඉන්දිකා  රාමනායක)

රිදීමාලියද්ද දෙහිගම  පුදියංගලයාය    ප්‍රදේශයේ ගංජා වැටලීමකට  ගොස් සිටි  රිදීමාලියැද්ද පොලිසියේ කොස්තාපල්වරයකු  බඳින තුවක්කුවකට ගොදුරු වීමේන්  තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි

කොස්තාපල් (75638)  යන නිලධාරියා සිද්ධියෙන් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පුදියංගලයාය  ප්රබදේශයේ බඩඉරුගු වගාවක් මුවාවෙන්  ගංජා හේනක් පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව  ඊයේ (19) පොලිස්  සිව්දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අදාල  බඩඉරුගු වගාව පරික්ෂා කිරීමේ කොස්තාපල්වරයා මෙම තුවක්කුවට ගොදුරු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවක්කුවට ගොදුරු වූ පොලිස් කොස්තාපල්වරයාගේ දණහිසට පහළ කොටස තුවාල  සිදුව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

බදින තුවක්කුව ක්රිදුයාත්මක කර තිබූ ඉඩමේ හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර,, ඔහු මහියංගනය ප්‍රදේහයේ පදිංචි (48) හැවිරිදි ගොවියෙක් බවද පොලිසිය පවසයි.