(රෝෂන් තුෂාර)
මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධර්මරතන හිමියන්ට,ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට හා බෞද්ධාගමට අපහාසයක් වන පරිදි මුහුණු පොත ඔස්සේ අන්තර්ජාලයට ප්‍රකාශ නිකුත් කළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහජනයා හා බෞද්ධයන් අතර කැළඹීමක් හෝ ගැටුමක් ඇතිවිය හැකි ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව සැකකරු ඊයේ25 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විහාරාධිපති හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මූණු පොත කියන "ළිඳ ළඟ සංගමය ලංකාවේ තහනම් කරන්න ඕනේ ".. චීත්ත කෑලි බුද්ධිමත් නායකයෝ තමන්ගේ රටවල්වල මේවා වැඩකට නැති දේවල් කියලා හඳුනාගෙන බොහෝ කල්. අපිට මේ ජරාව හඳුනාගන්න තව කලක් යයි. ඕනෙම එන ජරාවක් හිස් මුදුනින් පිළිගන්න අපි තරම් සුදානම් ජාතියක් ඉන්නවද මන්දා.කාලේ කන දේවල්. අනුන්ගේ පල් හැලි, තමන්ට වැඩකුත් නෑ, අනුන්ට වැඩකුත් නෑ.වැඩක් නැති අයට හොඳයි.