
(යොහාන් භාසුර)
බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රියාවලියකට අනුව කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් ස්ථාපිත කළේය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායන මහතා ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කෙරිණි.
විදේශ රටවල ස්ථාපිත ශ්‍රී ලාංකේය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථාන හෝ විහාරස්ථාන, දහම් පාසල් ආදී වෙනත් බෞද්ධ ආයතන, ජාත්‍යන්තර ධර්මදූත කටයුතු සඳහා විදේශගත වන භික්ෂුන් වහන්සේලා, සිල් මෑණියන් වහන්සේලා යන දෙවැදෑරුම් අංශ සම්බන්ධය (සම්බන්ධීකරණය, නියාමනය සහ මාර්ගෝපදේශනය) කිරීම, බෞද්ධ සහ බෞද්ධ නොවන රටවලට ද ඉදිරියේදී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම මෙම ආයතනයෙන් ඉටුකිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් ආණ්ඩුවේ රස්සාවල් බාලගෙන අධ්‍යාපනය හදාරන, බුද්ධ චීවරයේ මුවාවෙන් පන්සල් වෙනුවට තරු හතේ හෝටල් වැනි මාලිගා නිර්මාණය කරගෙන සුර සැප විඳින, බුද්න් වහන්සේ වදාළ දේ යයි කියමින් අමු මුසාවාද වදාරන, හදි හූනියම් කරන, දෙහි කපන, කට්ටඩිකම් කරන, බන කියා අමු කුණුහරුප කියන, වී එයිට් නැතුව පාරට බහින්න බැරි ගමටත් නැති රටටත් නැති සමහර "ස්වාමීන්වහන්සේලා" ට ධර්මානුකුලව හැසිරෙන්නේ කොහොමද කියල කියාදෙන්න වැඩපිළිවෙලක් සකස් කලොත් ඔයිට වඩා නරකද ?
මෙය ඉතා යහපත් කර්තව්‍යයක්.
පිවිතුරු බුද්ධ දේශනාව ලොවට ගෙනයාමට කාර්යාල අවශ්‍ය නැත. මෙය හුදෙක් තවත් දේශපාලන සන්ධර්ශනයක් පමණි. මෙය නොතේරී මෝහයෙන් මුලාවන සංඝයා වහන්සේලා ගැන කනගාටුයි. බුද්ධ දේශනාව නියම ආ කල ලොව පුරා පැතිරෙනු ඇත. කිසිවෙකු විසින් එයට විශේෂයෙන් කල යුත්තක් නැත.
වැඩකට ඇති දෙයක් කරනවද? බුද්ධාගම බිස්නස් කරන්න එපා.
ලෝකෙට ගෙනියන්ඩ කලින් ලංකාවෙ පතුරැවන්න පුළුවන්ද බලන්න.
ලෝකෙට පරකාසෙ , ගෙදරට මරගාතෙ.