(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වූ හේතු තුනක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරමින් අද පැවසීය.
" 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.
අපිට රුපියල් බිලියන 600ක්, 700ක් විතර පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.
අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තීන්දු තීරණ ගත්තු දේශපාලකයන් සහ මෙමගින් විශාල ලැබ ඉපැයු මහාපරිමාණ ගජමිතුරු ව්‍යාපාරිකයින් සහ ඔවුන්ට උපදෙස් දුන්නු නිලධාරීන් ආර්ථික අපරාධකරුවන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන්නේ නැද්ද?
මෙම බදු සහන වලින් ධම්මික පෙරේරා,දිලිත් ජයවීර ,රෙනෝ සිල්වා,හැරී ජයවර්ධන ,නාමලීගේ මාමණ්ඩි,ඩඩ්ලි සිරිසේන සහ රාජපක්ෂ පවුලට අයත් වෙනත් පුද්ගලයන්ගේ නමට තිබෙන මහා පරිමාණ ව්‍යාපාර ඩොලර් බිලියන 50 කට වැඩි අමතර ලාභයක් ලැබුවා.දුප්පත් මිනිස්සු නැත්තටම නැති වෙලා ගියා
සහල් ලාභය බිලියන් ගනන් වලින් නමුත් ඔවුන් බදු ගෙවන්නෙ වසරකට ලක්ශ 9ක් පමණ බව ගණකාධිවරයෙක්ගෙන් දැනගන්නට ලැබුනා. හරියට මෙවන් විශාල ලාභ උපයන්නන්ගෙන් ගන්නකො බදු.
රට කඩා වැටුනේ දූෂිත පවුල් පාලනේ උන්ගේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නිසා. ආර්තික කළමනාකරණයක් නැතිකම නිසා ,ඩොලර් හොරාකාපු නිසා.
මේවා ආර්ථික අපරාධ! 2005 සිට මේ දක්වා වෝහාරික විගණනයක් කරන්න!
ඒ අස්සේ අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කොට නිදහස් කළා කියල අමතකත් නෑ.
රට කඩා වැටෙන්න මුලික හේතුව 2015 සිට ආර්ථික වර්ධනය අඩු වීම සහ එදිනෙදා පරිඛෝජනය සදහා ස්වරී බැදුම්කර වලින් සීමාව ඉක්මවා අධික පොලියට ණය අරගෙන ණය බර වැඩි කිරීම. දේශපාලන පොරොන්දු ඉටු කිරීමට රජයේ සේවකයන්ට රුපියල් 10000 කින් පඩි වැඩි කිරීම ඒ සදහා බදු මුදල් වැය වීම, තෙල් මිල අඩු කිරීම හරහා තෙල් සංස්ථාවේ ණය බර වැඩි වීම, පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම, මහ බැංකු වංචාව නිසා විදේශ ආයෝජන ආපසු හැරීම, රටේ දිගු කාලීන වැදගත් සංවර්ධන ව්‍යාපෘති කිසිවක් නොකර කන්න බොන්න විතරක් මුලිකත්වය දීම, විදේශ ආයෝජන ගැන නොසිතා ණය ගැන පමණක් සිතීම ආදි කරුණු රාශයක් නිසා ආර්ථිකය වැටී ගෙන යනකොට තමයි වසංගතය ආවේ. මම හිතන්නේ යහපාලන සියලු දෙනා ස්වයං විවේචනයක් කරන්න ධනෑ. බදු වැඩි කරලා දිගු කාලීන සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පක්ෂ වලට අදාල ව්‍යාපාර නෙමෙයි සුලු හා මධ්‍ය පරිමාණ වළුාපාර නගා සිටුහහොත් තමයි බදු හැමදාාම අය කරගන්න පුලුවන් වෙන්නේ. 2019 ආර්ථික වර්ධනය අඩු වුණු නිසා බදු සහ පොලි අනුපාතය අඩු කරලා ආර්ථික ස්ථාවර කරන්න ගත්තු ප්‍රතිපත්තයේ වරදක් පේනනේ නැහැ. ඒක තමයි ඒ වෙලාවේ තිබුණ ු විකල්පය