(ෂේන් සෙනෙවිරත්න)
වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුවමාර්ගයේමලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු මැදුරේබුදු පිලිමයයට කුඩා බිළිඳෙකුදමාගියමව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ උකුවෙල පේයාඩ් ප්‍රදේශයේ 38 හැවිරිදි විවාහක කාන්තාවකි. පොලීසිය එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදීඇය පවසා ඇත්තේතමන් විවාහක කාන්තාවක් බවත්දරු දෙදෙනකුසිටින බවත්මෑතකදී උපන් දරුවාගේ පීතෘත්වයසැමියා විසින්ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්කලකිරීමට පත්වඑසේ දරුවාඅතහැර දැමීමට පියවර ගත් බවයි .
මග දෙපස ඇති ආවේක්ෂණ කැමරා පද්ධති පරික්ෂාකිරීමෙන්සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි .
දින පහක් වයසැතිඑම බිළිදා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවදරුවාට අවශ්‍යපහසුකම් එහි නොමැතිවීම හේතුවෙන්මහනුවර ජාතික රෝහලේ ළදරු ඒකකයට එම දරුවා ඇතුළත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණි .
දරුවාගේ මවඅධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් වික්‍රමසිංහමහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මව විතරද අත්අඩංගුවට ගන්නේ. තාත්තව නැතිද? පීතෘත්වය සහතික කරගන්න ඔය DNA පරීක්ෂාව තියෙන්නේ.
මෝඩ මිනිස්සු DNA පරීක්ෂණ ගැනවත් දන්නෙ නැද්ද?
ඇයි එහෙම දරුවෙක්ව දරුවන් නැති යාලුවෙකුට හදාගන්න දෙන්න බැරි. අපිත් දරුවෝ නැති අය නිසා කිව්වේ.
අනේ මට දෙන්න මම හදාගන්නම් මුන්ට හිතක් පපුවක් නැද්ද කිරි සප්පයෝ මහ මග දාලා යන්න
දරුවගේ සහ පියාගේ D. N. A කරන්න
තමන්ට හදා වඩා ගත නොහැකි දරුවන් විධිමත් ක්‍රමයකට දරුවන් ලබා ගැනීමට කැමති අය හට ලබා ගැනීමේ ක්‍රමයක් ඉක්මනින්ම අපේ රටට ඕන. එසේ නොවුවහොත් දරුවන් ගේ සහ එම මවු වරුන්ගේ ජීවිත වලටත් හානි සිදුවෙයි. දරුවන්ද ඝාතනය කර තමන්ද සිය දිවි හානි කර ගන්නා මවු වරුන් ගැන අපට නිතර අසන්නට ලැබෙයි.
නීතියෙන් නම් මේවාට නිවැරැදි උත්තර ලැබෙන්නේ නෑ. ඒ මව තවත් අපහසුතාවයට පත්වෙයි. දරුවා මරන්නේ නැතිව බුදුපිලීම වහන්සේ නමකගේ පාමුළ තබා ගියේ දරු සෙනෙහසක් ඇති නිසානේ...