IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බදු පැහැරහැරියැයි ඉදිකිරීම් අධ්‍යක්ෂට ‌එරෙහි පෙත්සම විසිවෙයි

(රෝෂන් තුෂාර)

රුපියල් ලක්ෂ 619ක(61961961.00) වැට් බදු නොගෙවා පැහැරහරින ලදැයි කියන දොඩංගොඩ ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂකවරයෙකුට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස් විසින් පැවරූ නඩුව නිෂ්ප්‍රභා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (18) නියෝග කළේය.

නඩු පැවරීමේදී සමාගම විත්තිකරුවකු ලෙස නම්කර නොමැති වීම සහ වරද සිදුකර වසර පහකට පසුව නඩු පැවරීම යන කරුණු මත පැමිණිල්ලපවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතිඥ ඒ. ඒ. තිලකරත්න මහතා ගොනු කළ විරෝධතාවයක් සලකා බැලීමෙන් පසුව නඩුව නිශ්ප්‍රභා කෙරිණි.

දොඩංගොඩ, රේන්ද පොළ ජෙනුයින් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිරෝෂන් නීශාන්ත නැමැති අය විත්තිකරු කරමින් මෙම නඩුව පවරා තිබිණි .

2016,2017වසර වල කාර්තු තුනක මාස තිහක් සඳහා  නොගෙවා පැහැර හැරී රුපියල් 61961961.00 වැට් බදු අය කර ගැනීම සඳහා 2023 මාර්තු 02 දින මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බව විත්තිය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

විරෝධතා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල යළි පැවරීමේ අයිතිය රඳවා තබමින් නිෂ්ප්‍රභ කළේය. 



අදහස් (0)

බදු පැහැරහැරියැයි ඉදිකිරීම් අධ්‍යක්ෂට ‌එරෙහි පෙත්සම විසිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site