(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේ‍ය.

ඒ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක විය.

බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල  සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහාද, හිග බදු වාරික මුදල් සේවා ගාස්තු සහ ප්‍රමාණකළ අලාභ අය කර ගැනීම විධිමත් කිරීම සඳහාද  ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සැලසේ.

එම පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.