(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 661 බදු නොගෙවීමේ චෝදනාවට සිරගතව සිටි තිදෙනකු ඇතුළු කොල්ලුපිටියේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරු හය දෙනෙකු දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ වැට් නඩුවෙන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද(05) නියෝග කළාය.
කොල්ලුපිටියේ නෝර්ත් සී සමාගමේ අධ්‍යක්ෂකවරු විසින් මෙසේ මෝෂන් පත්‍රයෙක් මාර්ගයෙන් බදු මුදල් ගෙවීම හේතුවෙන් වැඩ කටයුතු අවසන් කෙරිණි.
2010 සිට 2013 වසර දක්වා රුපියල් 66105672.00 මුදලක් බදු ලෙස රජයට ගෙවීම පැහැර ඇතැයි චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා 2018 වසරේ පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව 2022 නොවැම්බර් මස පළවෙනි දින තීන්දුවක් නිකුත් කර ඇති අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ බදු මුදල් ගෙවන ලෙසට අධ්‍යක්ෂකවරුන්ට නියෝග කර ඇත.
එම බදු මුදල් නොගොවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් හිමි විය යුතු බවද නියෝග කර ඇත.
බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අත්අඩංගුවට පත් අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සෙසු අධ්‍යක්ෂකවරුන් තිදෙනාට වරෙන්තු නිකුත් කර ඇත.
වරෙන්තු ලද අධ්‍යක්ෂකවරුන් ඊයේ දින අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් අදාළ ගෙවීම් කිරීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් කළ මහේස්ත්‍රාත්වරිය වැට් නඩුව විභාග කරන ස්ථිර මහේස්ත්‍රාත් අධිකරණයට ලබන විසි හය වෙන දින කරුණු ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියාය.
අදාළ බදු මුදල් අධිකරණයේ තැන්පත් කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා මහතා කරුණු ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 661ට හිර දඬුවම් මාස 06... ඉතින් හිරේගිහින් ආවත් සැපයිනේ...!
දේශපාලනය විතරක් නෙමෙයි, හැම ක්ෂේත්‍රයක්ම දැන් ලංකාවේ කුණු වෙලා තියෙන්නේ. රජයේ ඉහළම නිලධාරීන්ගේ උපදේශනය හා අවුල් වීමෙන් තමයි රජයේ ඔක්කෝම දූෂණ වෙන්නේ.... දේශපාලනඥයින් කරපු දූෂණය අපල මුළු වටිනාකමට වඩා රජයේ ඉහළම නිලධාරින් කරලා තියෙන වටිනාකමක් වංචාවල වැඩියි... අද බහුතරයක් රජයේ ඉහළම තනතුරු දරන්නේ විදේශ පුරවැසියෝ, නමට සිටින ද්විත්ව පුරවැසියන්. හා විදේශවල ස්ථිර පදිංචිකරුවන්...