
(රෝෂන් තුෂාර)
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද මස හයක සිර දඬුවම් නියම කළේය.
අදාළ බදු මුදල් ගෙවන ලෙසට 2023/11/14 අධිකරණය නියෝග කර තිබියදී එම බදු මුදල් නොගෙවා පැහැර හැරම හේතුවෙන් මෙම දඬුවම නියම කළේය.
අදාළ නඩුව කැඳවීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර වග උත්තරකරුවන් අද දිනයේදී අදාල බදු මුදල් නොගවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
වග උත්තරකරුවන් මීට පෙර නඩු දිනයේදී අධිකරණ යේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මගින් වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.
2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක් ගෙවන ලෙසට විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබිණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්ඛයා ලියනගේ මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මුදල් අය වෙන්නේ නැත්ද.. සිර දඬුවම විතරක් මදි.
බිලියන 3.5ට මම නම් අවුරුද්දක් වුණත් හිරේයනවා...!
දේපල රජයට පවරාගෙන වෙන්දේසි කරලා බදු මුදල් පියවා ගත්තා නම් හරිනේ. මාස 6 ඇතුලේ ඉඳලා එයි. රජයේ බදු මුදල් හම්බ වෙන්නේ නෑ...
එයා රටට වැරැදි කරනවා. රට එයාට කන්න, බොන්න, නවාතැන් දෙනවා. ඔය කොම්පැනිය විකුණලා මුදල පොලියකුයි, දඩයකුයි එක්ක අයකරන් අර පහසුකම් දුන්නාට කමක් නෑ...!
ඔය මාස 6 ඉවර වෙලාත් නොගෙව්වොත් සියලුම දේපළ රජයට පවරාගෙන වෙන්දේසිකර බදු අයකරනවා. බදු නීතිය ඉතාම දැඩි එකක්...!
මෙයා විතරක් නෙවෙයි, තවත් අය ඉන්නවා. දේශපාලුවෝ සහ ඔවුන්ගේ පිහිටෙන් ව්‍යාපාර කරගෙන යන අයත්...?
මොවුන් විතරක් නෙමේ... තව ඉන්නවා බැංකු ලෝන් පවා ගෙවන්නැතුව ඇරියස් කරලා හිතා මතාම මග හැරලා ඉන්නේ... මේ අයට දේසපාලකයින් උදව් කරනවා... මේ අයට අනිවාරෙන් නීතිය කළයුතුයි මේ අය දැනගන්න ඕනෑ කොච්චර සෙල්ලන් දැම්මත් හරි නායකයෙක් ආවොත් ඒ සේරම සෙල්ලන් කරලා ඉවරබව ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න අපි බලාගෙන ඉන්නේ මේවා...!
අර්ජුන මහේන්ද්‍රන් සහ රනිල් මේ දෙන්නා ඒකට හිරේට දාන්න. මොවුන්ට ජනාධිපති ආරක්ෂාවන් සහ තව වරප්‍රසාද සඳහා රටේ මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරන්න එපා...
බන්ධනාගාර රෝහල ඔහු වෙනුවෙන් සූදානම්. ඔහු අසනීප තත්ත්වයෙන් පසුවෙයි. මාස හයක් ඔහු බන්ධනාගාර රෝහලේ රැඳී සිටින අතර නිවසේ සිට ආහාර ලබා ගත හැකි අතර ජංගම දුරකථනය ද භාවිතා කිරීමට ඉඩ සලසයි