IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බුදු දහමට නිගා කළ විමල බුද්ධි යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ස්වාමීන් වහන්සේ නමක්ව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන " ටික් ටොක්"  වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීමේ සැකයට අත්අඩංගුවට ගෙන ඇප නියම ව යළි රක්ෂිත බන්ධනාගාර ගත වූ  රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" සැකකරු  ලබන 29වන දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (24)නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝගයක් පරිදි ඊයේ දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ අතර සැකකරු බන්ධනාගාර රෝහලට ඉදිරිපත් කර තිබූ බැවින් නඩුව කැඳවන අවස්ථාවේදී සැකකරු අධිකරණයේ පෙනී නොසිටියේය.

සැකකරු විසින් බුදුදහමට නිගා වන වීඩියෝ  පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පසුගිය දහ අට දින කරුණු දක්වීම හේතුවෙන් ඊයේ  දින ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

එම නියෝගය ක්‍රියාත්මක කිරීමට තිබියදී රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා දැමූ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන විසි හය දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා රජයේ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණීමට නියමිත බව  අධිකරණය ඉදිරියේ කරනු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේය.
සැකකරු වෙනුවෙන් නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා පෙනී සිටි අතර  සැකකරු රාමඤ්ඤ මහ නිකායෙන් ඉවත් කර ඇති බැවින් "හිමි" යනුවෙන් ආමන්ත්‍රණය  නොකළ යුතු බව සඳහන් කළේය.



අදහස් (2)

බුදු දහමට නිගා කළ විමල බුද්ධි යළි රිමාන්ඩ්

බද්රානි Wednesday, 24 January 2024 03:41 PM

මෙවැනි උන්මන්තකයින්ට සිවුරු පළඳන්න කලින් නිසි ශාසනික හා ධාර්මික ක්‍රමවේදයක් අනුගමනය කළයුතු යැයි දැන්වත් මේ රටේ මහනායකලාට හැඟෙන්නේ නැද්ද..? ඔළුගෙඩි ගණන වැඩි වූ පමණින් ලංකාවේ බුදුදහම හා සම්බුද්ධ ශාසනය ශ්‍රේෂ්ඨත්වයට පත්වේ යයි යමෙක් විශ්වාස කරන්නේ නම් එය මුලාවක් බව දැන්වත් මේ රටේ බෞද්ධයින්ට වැටහෙන්නේ නැද්ද..? වෙනත් කිසිම ආගමික නායකයින් නොකරන, අමනකම්, අශිෂ්ඨකම්, නොපනත්කම් කරමින් මුළු මහත් සමාජයටම ආදර්ශයක් දෙන මෙවැනි චීවරධාරීන් පිළිබඳව ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද..? සිත, කය, වචනයවත් සංවර කරගැනීමට නොහැකි භික්ෂුවගෙන් සමාජයට සෙතක් වේ යයි කවුරුන් හෝ විශ්වාස කරනවාද..? ලාංකික සමාජය පිරිහීමට ප්‍රධානම සාධකයක් වී ඇත්තේ, බෞද්ධ චීවරධාරීන්ගේ නොමනා හැසිරීමයි.. අත්හැරීම ගැන පුරාජේරු වැදි බණ දෙසමින් සියල්ල බදාගෙන, ලව්කික සැප භුක්ති විඳිමින් තන්හාවෙන් දඟලන මොවුන් ගැන මට නම් ඇත්තේ විශාල පිළිකුලක්...!

:       0       0

මොට්ටපාල Thursday, 25 January 2024 08:27 AM

මෙහෙම වැරදි කරුවන්ට රැකවරණය දීම ගැන පුලුල් සමීක්ෂණයක් කලොත් ජනතා මතය මොකක්ද බලන්න පුළුවන්. එහෙම සමීක්ෂණයක් මගින් ලැබෙන තොරතුරු අනුව ඒක රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගන්නත් පුළුවන් කියලා හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site