IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බදු දැලෙන් රිංගූ මත්පැන් නිෂ්පාදන හල්වලට රතු නියෝග

(අංජුල මහික වීරරත්න)

බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 

එම යෝජනාවලිය බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂිත කරුණු රැසකින් සමන්විත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.‍ 

රාජ්‍ය ආදායම වැඩි කිරීම රටේ ආර්ථිකමය වශයෙන් ප්‍රධාන කාරණයක් බවත් එසේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමෙහිලා බදු අය කර ගැනීම විධිමත්ව සිදුකිරීම තීරණාත්මක වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව මේ වන විටත් බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දින 14ක් ඇතුළත අදාළ මුදල් ගෙවන ලෙස විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව ද සඳහන් කළේය. 

තවමත් මෙරට පවතින්නේ ස්වේච්ඡා බදු ක්‍රමයක් බවත් එම ක්‍රමය ද ඉතා ඉක්මණින් සංශෝධනය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අදහස් පළ කර සිටියේය. 



අදහස් (1)

බදු දැලෙන් රිංගූ මත්පැන් නිෂ්පාදන හල්වලට රතු නියෝග

Ranjit Thursday, 29 June 2023 02:34 PM

එක්තරා සුප්‍රකට මන්ත්‍රී කෙනෙකුට සහ බැංකු හුටපටයකට මැදිවුන කෙනෙකුට අයත් අරක්කු සමාගම් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙලේ කුප්‍රකට මත්පැන් සමාගම් 09කින් ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවට බදු වශයෙන් අයත් වියයුතු රුපියල් ‭9,640,832,508.93‬ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 964ක මුදලක්) නොගෙවා පැහැර හැර තියෙනවා කියලා අන්තර් ජාලයේ පළවුණු වාර්තාවක තියෙනවා. බැංකු ප්‍රශ්නයට කොටුවුණු කෙනාගේ සමාගමෙන් පමණක් 2019 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ රුපියල් ‭3,419,060,160.61‬ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 342ක මුදලක්) ගෙවීම් පැහැරහැර තියෙන බවත්, මන්ත්‍රී කෙනෙකුගේ සමාගමෙන් 2004 සහ 2005 වසර සඳහා ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් ‭525,997,769.59‬ ක් වන අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 53ක් බවත් එහි දක්වා තියෙනවා. මේ හැරෙන්න ගෙවීම් පැහැර හැරියාය කියන තවත් බියර් සහ සැර මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයකම නම් එහි දක්වා තිබීමත් විශේෂත්වයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site