(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසරේදී එකතු කරන ලද බදු ප්‍රමාණය රුපියල් කෝටි 86000 ක් බවත් මේ වසරේදී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැට හය දහස් හත් සියයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ඩී.ආර් එච් හපුආරච්චි මහතා පැවසීය.
මේ අනුව ගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි අනු දෙදහස් දෙසීයක බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
මේ වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින් බවත් එම බදු මුදල රුපියල් කෝටි 60,300 ක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රැපියල් කෝටි 55,300 ක ආදායමක් අපේක්ෂා කරන බවද ඒ නිලධාරීහු පෙන්වා දුන්හ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.