IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බදු කඩිනම් කරන්න පනත සංශෝධනය කරයි

(අංජුල මහික වීරරත්න)

බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි දේශීය දෙපාර්‌තමේන්තුවේ ආදායම් තීරණයක් පිළිබඳ අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නෙකුට එම තීරණය පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වේ. 

ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය වසර 2ක් නොඉක්මවීමට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ලබා දිය යුතු වේ. එකී තීරණය පිළිබඳව ද අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නකුට එම තීරණය සමාලෝචනය කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර, එවැනි සමාලෝචන ඉල්ලීමක් ලැබුණු දිනයේ බදු අභියාචනා කොමිෂන් සභාවේ තීරණය දින 270ක් තුළ ලබා දිය යුතු වේ. 

ඒ අනුව, එකී අභියාචන ක්‍රියාවලිය සඳහා වසර තුනකට ආසන්න කාලයක් ගත විය හැකි අතර, ඒ හේතුවෙන් පසුගිය කාලයේ  රුපියල් බිලියන 73ක පමණ බදු මුදලක් රාජ්‍ය ආදායමට අය කර ගැනීමට නොහැකිව පවතින බව රජය පවසයි.

 එම කරුණු සැලකිල්ලට ගෙන, බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ විධිමත් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

බදු කඩිනම් කරන්න පනත සංශෝධනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site