
( කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ නිවසක තිබූ බිත්තර වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු ඊයේ(30 )දින රාත්‍රියේ එම නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා කොට නිවසේ තිබූ බිත්තර වී ආහාරයට ගෙන තිබේ.
මෙසේ බරපතල හානි සිදු කර ඇත්තේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ පදිංචි රංජිත් ඔබේසේකර නැමැති ගොවි මහතාගේ ගොවිබිම සහ නිවසයි.
පෙරදා කුඹුරු වැඩ අවසන් කොට මෙම ගොවි මහතා බිත්තර වී ටික නිවසේ තබා මෙදින රාත්‍රියේ තම සහෝදරියගේ නිවසට ගොස් නිදා ගත් බවත් අලුයම නැවත පැමිණෙන විට තම නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා කොට අලි එහි තිබූ බිත්තර වී ආහාරයට ගෙන ඇති බව ඔහු දැඩි කණස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කළේය.
නිවස කඩා ඇතුළු වූ වනඅලියා බිත්ති සහ වහලයට යටවුණු බිත්තර වී සොයා මෙම නිවස සුනුවිසුණු කර ඇති අයුරු පෙනෙනට තිබේ.
වන අලින් රංචුවක් පැමිණ නිරන්තරයෙන්ම තලකිරියාගම ප්‍රදේශයේ වගාවන් විනාශ කරන බව ගොවීහූ පවසති.
එමෙන්ම ආසන්නයේ ඇති විශාල පොල් වගාවකට ද වන අලින් දැඩි හානි සිදුකර ඇති බව ගොවීහු පෙන්වා දුන්හ.
මෙතෙක් කිසිදු අයෙකුගෙන් අවධානයක් යොමු නොවී ඇති බව ද මෙම වන අලි විසින් සිදුකරන හානිය නිසා ජීවිත දේපළ රැක දෙන්නැයි ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ මේ අලියා...
ඔව්, හරක් පට්ටි කැලේට දක්කල කැලෑ මැදින් පාරවල් කපලා අලින්ගේ භූමිය විනාශ කරන්න. තව ලස්සන චිත්රපටි බලාගන්න පුලුවන්...
අලියාට ජයවේවා.. !!!