IMG-LOGO

බිත්තර පස්වන නැවත් එයි

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට අද (8) ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම බිත්තර ලක්ෂ 10 සමග මේ වන විට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර ලක්ෂ 50ක් ආනයනය කර ඇති බවද එම නිලධාරියා කීය.

 



අදහස් (13)

බිත්තර පස්වන නැවත් එයි

Serasinghe Saturday, 08 April 2023 07:42 PM

ඉන්ධන නැවේද බිත්තර ආවේ...?

:       0       2

රත්නසිරි Monday, 10 April 2023 08:41 AM

ලංකාව අසල ඉන්දියන් සාගරයේ බිත්තර නැව් යන්න ඇති කියලා හිතෙනවා. අපේ ප්‍රදේශයේ නම් ඔය බිත්තරයක් දකින්නට නැහැ.

:       0       0

nihal Saturday, 08 April 2023 09:32 PM

අපේ රට පාලනය කරන්නේ අනුන්ට අතපා ජීවත් වෙන පිරිසක්...

:       0       8

Malika Sunday, 09 April 2023 08:54 AM

අපේ බිත්තර ෆාම් අයගේ බඩට ගහලා ඒ පොඩි මිනිහා නැත්තටම නැතිකරලා දාන මේ වැඩවලින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොනවාද? මේ බිත්තර මගඩියටත් කාගේ හරි ඇමති/ මන්ත්‍රි කෙනෙක් ලොකු කොමිස් එකක් ගහලා ඇති... නැත්නම් අපේ ෆාම් කාරයින්ට සහන මිලකට කුකුල් කෑම ටික දීලා ඒ මිනිසුන්ට කීවා නම් හරිනේ. බිත්තර මිල අඩු කරන්න කියලා. මේ බෙහෙත් නැති වේලේ ඉන්දියන් බිත්තර වලින් ලෙඩක් බෝ වුණොත් අපේ ජනතාවට කාගේ පිහිටක්ද?

:       9       7

පිටරටදේ සිරිසැපදේ Sunday, 09 April 2023 02:28 PM

ඉස්සර උපමාවක් තිබුණා ඌරන් කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් කියලා දැන් ලංකාවේ පක්ෂ, පක්ෂ අරගල කරනවිට මාලිමාව වර්ජන තර්ජන කරවන විට ඉන්දියාවට රජ මගුල් කියලා තමයි කියන්න වෙන්නේ... (කන්න අදින්නා පිටරටිනෙන තුරු මුහුදට දත නියවන්න තමයි වෙන්නේ...)

:       10       3

sugathSunday, 09 April 2023 05:05 PM

අපේ බිත්තර ෆාම් අය හැම වෙලේම බැලුවේ පාරිභෝගිකයාගේ බඩට ගහන්න. ඒක කාටවත් නොපෙනෙන එකයි පුදුමේ...! 

:       2       5

LallaSunday, 09 April 2023 07:32 PM

නිකම් බත්වේලක් ලැබුණොත් ඡන්දෙ දෙන නිවට ජාතියකට රටේ නිෂ්පාදන මකබෑවුණත් අඩුමිලට කිව්වොත් ඕන ජරාවක් ගන්න එක පුදුම සහගත නෑ...

:       1       2

Lalla Sunday, 09 April 2023 10:36 AM

කුකුලු ගොවිපලවලට තිත. ඇමැතිලාට කොමිස්.. ඊළඟට මස් ආනයනය.... ජයවේවා නලින් ප්‍රනාන්දුට සහ ලන්සාට...!

:       1       6

thilakSunday, 09 April 2023 11:39 PM

පාරිභෝගිකයා සූරා නොකා, සාධාරණ ලාබයක් සඳහා ව්‍යාපාර කරොත්, කාටවත් තිතක් නැහැ.

:       0       0

Saman Sunday, 09 April 2023 01:58 PM

නැව් කීයක් ආවත් අපේ පැත්තෙ බිත්තර නෑනේ...!

:       0       5

Sepala Sunday, 09 April 2023 04:36 PM

මේ පුවත අනුව අපිට දැනගන්න පුළුවන් අපේ රටට ළූණු නැව් කොපමණ එනවද කියලා...

:       0       2

chandima Sunday, 09 April 2023 06:37 PM

මොනතරම් කාලෙකට අයිති වෙයිද? බිත්තර නැව් 5ක් ගේන වෙලේ එක කුකුල් කෑම නැවක් ගෙනාවානම්...?

:       0       3

himalMonday, 10 April 2023 08:56 AM

කුකුල් කෑම නැවක් ගෙනාවා කියමු. ඒක නොමිලේම දුන්නත් කියමු. ඒත් බිත්තර මිල අඩු කරයි කියලා තියෙන තහවුරුව මොකක්ද? දැන් පහුගිය කාලේ පිටිමිල අඩු වුණා. ඒත් බේකරි කෑම, රොටී, කොත්තුමිල අඩු කළාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site