(අංජුල මහික වීරරත්න)
බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන සියල්ලේම සහභාගීත්වයෙන් කෘෂිකර්ම සාකච්ඡාව පැවැත්විණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හා කුකුළු ගොවිපොළ අයිතිකරුවන් අතර මෑතක සිදුවූ ගැටුම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ විය.
එහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී සියලු පාර්ශ්ව එක්ව කටයූතු කළ යුත්තේ රටේ පවතින බිත්තර හිඟය තුරන් කරලීම මෙන්ම ජනතාව මුහුණ දී සිටින පෝෂණ ඌනතාවලට පිළිතුරු සෙවිම විනා ගහමරා ගැනීමට නොවන බවයි.
දැනට දෛනික දේශීය බිත්තර අවශ්‍යතාවය මිලියන 07කි. මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය දෛනිකව මිලියන 5.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දෛනික බිත්තර අවශ්‍යතාවය සදහා පවතින හිඟය මිලියන 1.4ක් පමණ වේ. මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට තවදුරටත් බිත්තර ආනයනය කිරීමේ ගැටළුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පැවසීය.
කෙසේ වුවද මෙම වසර අවසන් වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාමත් සමග බිත්තර තවදුරටත් මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව වෙළද හා පාරිභොගික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. එමනිසා රටේ පවතින බිත්තර ගැටළුව සියලු පාර්ශ්ව එක්ව විසඳා ගැනීමේ වැඩ පිළිවෙළක් අද සිට අරඹන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බිත්තර ගැටලුව විසඳන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක්
Sunil Wednesday, 10 May 2023 10:40 AM
ජනතාව අතට බිත්තරයක් ලබා දෙන්නත් මාස ගාණක් මුළුල්ලේ කොමිටි දමන රජයක්. ප්‍රශංසනීයයි.