(යොහාන් භාසුර)
බිත්තර හිටිහැටියේ ආනයනය කළහොත් ඇතැම් රෝග මෙරටට පැමිණිමේ අවදානමක් ඇති බවත් ඒත් සමඟම ‘ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා’ නමැති වෛරස් රෝගය මෙරටට පැමිණීමේ දැඩි අවදානමක් පවතින බවත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා අද (3) පැවසීය.
‘ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා’ රෝගය මෙරටට ළගාවීම වැලැක්වීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශාල කාර්යභාරයක් කර ඇති බව කී සිසිර පියසිරි මහතා ඒ හේතුවෙන් බිත්තර ආනයනයට ගත් තීරණය යළි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ පාර්ශව රැසක් එකතු වී ‘ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා’ රෝගය රටට ඇතුල්වීම වළක්වා ගෙන සිටින බවත් එම රෝගය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුවහොත් ඉතාම ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවත් පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හොඳට තම්බලා කන්නම්.... ප්‍රශ්නයක් නැහැ...
මාර ආදරයක් තියෙන්නෙ
බිත්තර සංගමයෙන් ජරාව කන එකෙක්
මේ ප්‍රශ්නෙට විසඳුම රටින් බිත්තර ගේන ඒක නෙවි. තව තවත් පිටින් බඩු ගේන්න එපා
ඕස්ට්‍රේලියාව නවසීලන්තේ වගේ රටවල් තම්බපු බිත්තරයක්වත් ගෙන්වන්න දෙන්නේ නැහැ
උගතුන්ගෙ හා නුගතුන්ගෙ ත ීරණ. ලෝකයෙ ඔනාම රටක ආරක්ශන නිරෝධායනය නීති පද්ධතියක් තියෙනවා. නුගතුන්ගෙ ලොකෙ තියෙන්නෙ ?
එකට කමක් නැහැ ලංකාවේ බිත්තර මුදලාලිලාට අපිව ගහන් කන්න ඉඩ දෙන්න එපා.
ස්සර ලංකාවට ගෙනාපු බිත්තර වල ඔය කියන වයිරසය තිබුණේ නැද්ද .මේක ජනතාව සූරාකෑමේ අදහසක් තමයි .කාගේ උවමනාවක් නිසාද මෙම ගෙන්වීම නතරකරන්න හදන්නෙ .එහෙම නැතිව රජයට අපහසුතාවයකට පත් කිරීමේ අදහසින්ද