(ඩයනා උදයංගනී)
බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙළඳ අමාත්‍යවරයාට නියම කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් බිත්තර සුළු ප්‍රමාණයක් ආනයනය කර රෝහල්, පාසල් සහ බේකරි කර්මාන්තය සඳහා බෙදාදීමට තීරණය කර ඇතත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා නොදෙන ඇතැම් බලවේග ක්‍රියාත්මක වන බවට වෙළඳ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ නියම කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඉදිරි අලුත් අවුරුදු උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි වන බැවින් රට තුළ එයට සරිලන නිෂ්පාදනයක් නොමැතිනම්, එම හිඟය පියවීමට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ආනයනය කළ යුතුය යන්න කැබිනට් මණ්ඩලයේ අදහස බවද අමාත්‍යවරයා කීය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමැතිය ලබානොදෙන්නෙ ඒ් සදහා වැදගත් බරපතල සාක්ශි තිබෙන නිසයි. එම නිලදාරින් කටයුතු කරන්නෙ ඔවුන්ගෙ හිතට එකන්ගවයි.
මේකට බාල්දි පෙරලන්නේ ලංකාවේ කිකිලියෝ. මුන් ඔක්කොම අල්ලලා අර සේපාලයාට එහෙමත් නැත්නම් වසන්තයාට දුන්න වගේ සදාකාලික රිමාන්ඩ් පාරක් දුන්නනම් අනිත් බිතර දාන ඔක්කොම සත්තු වර්ගත් යස පාඩමක් ඉගෙන ගනීවි නේද අපේ හාම දුරුවනේ?
මේ බලවේග කියලා මේ බන්දුල බුල්ඩෝග් චෝදනා කරන්නේ සෞඛ්‍ය අංශයටයි. ඉන්දියාවේ කුරුළු උන පැතිරී පවතින නිසා බිත්තර ආනයනය තහනම් කරලා තියෙනවා.මේ දියවන්නාවේ මෝඩයෝ කියනවා බිත්තර ගේන්නේ තමිල්නාඩුවෙන් කියලා .තමිල්නාඩුව තිබෙන්නේ ඉන්දියාවේ බව මේ දියවන්නාවේ ඉන්න පට්ට මෝඩයින් දන්නේ නැහැ.බිත්තර ගෙනෙන්න මේ ගස්බ ල්ලන් නොකරන දෙයක් නැහැ, මොකද මේක ෆැමිලි බිස්නස් එකක්ලු. විශාල බිත්තර තොගයක් ශීතකරණයක තබාගෙන කෘතීම බිත්තර හිඟයක් මැවුවෙත් මේ ආණ්ඩුවේම එකෙක් බව බුල්ඩෝග් කියන්නේ නැත්තේ ඇයි ? බිත්තර ඉන්දියාවෙන් ගෙනල්ලා ලංකාවේ කුරුළු උන බෝවුනොත් බිත්තර ගෙනෙන්න කියලා කෑගහපු ලන්සා මොට්ටයාගේ ඉඳලා,බිත්තර ගෙන්වන්න උත්සාහ කරන ජා ඇල ඌරගෙ කට්ටියත්,සෙම පෙරාගෙන බුරන බුල්ඩෝග් කාරයත් අනිවාර්යයෙන්ම නීතියට අනුව සිරගත කල යුතුයි. සිරගත කිරීමට කලින් මොවුන් වයිද්‍ය පරීක්ෂණයකට ලක්කළ යුතුයි මන්ද මේලෝකයේ මෙතෙක් වාර්තාවී නැති භයානක ලෙඩ රෝග මුන්ට තිබුනොත් අසරණ සිරකරුවන්ට බෝවීමට ඉඩකඩ ඇති නිසයි.