(නිමල කොඩිතුවක්කු)

රුපියල් 55 කට බිත්තර අළෙවි කිරීම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් සඳහා බිත්තර තොග ලබා දී ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පැවසීය.

සංගමය මගින් ලොරි රථ වලින් ගොස් ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් සඳහා බිත්තරයක් රුපියල් 53 බැගින් ලබාදි ඇති බවත් සෘජුවම ගොවියාගෙන් මිලදී ගන්නේ නම් බිත්තරයක් රුපියල් 50 ක මිළකට ලබාදීමට කටයුතු කරන බවත් රත්නායක මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් වෙළඳපොලේ බිත්තර මිල ඉදිරි දින කිහිපයේදී පාලනය වනු ඇති බවත් ඔහු කීවේය.

ලබන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වනවිට බිත්තරයක් රුලපියල් 35ත් 40ත් අතර මිලකට අළෙවි කිරීමට හැකි වනු ඇති බවත් රත්නායක මහතා පැවසීය.