
(චාපා මදුභාෂණි සහ නිමල් ජයරත්න)
හිගුරක්ගොඩ නෙල්ලිපාර නිවසක බිත්තියක් කඩා වැටී එයට යට වූ 23 හැවිරිදි එක්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ රසිකා චමෝදනී නැමැති එක්දරු මවකි.
තවත් දෙදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇතයිද පොලීසිය කියයි. අවුරුද්දක් වයසැති දියණිය සහ සැමියා මෙලෙස රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
අධික වැසි සහිත කාලගුණයත් සමඟ කටුමැටි නිසේ බිත්තියක් කඩා වැටීමෙන් මෙලෙස මණයට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පිං ජනාධිපති යේමනියට යුධ නැව් අරිනවා, දළ වශයෙන් කෝටි 25ක් වියදම් කරලා. හිටපු සෞඛ්‍ය ඇමති සහ නිලධාරීන්ගේ ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි, වරාය භාර ඇමතිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටියට රුපියල් ලක්‍ෂ 25 යි. ක්‍රිකට් බෝඩ් එකේ නිලධාරීන්ගේ වංචා කොටි ගණන්. නිසි ක්‍රමවේදයක් නැතිව අපේ රටේ තවත් මෙවැනි වංචා සහ දුෂණ අනන්තයි, අප්‍රමාණයි. හැබයි, රටේ ජනතාව එදා වේල හොයාගන්න බැරිව සිය දිවි හානි කරගන්නවා, ජීවන බරත් සමගින් නිවසක් කියන මුලික අවශ්‍යතාවය සපුරගන්න බැරි මෙවැනි පවුල් අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවනවා. කරුණාකරලා අපේ රට කාපු තක්කඩි හොරුන් ඔක්කොම මැතිවරණයෙන් ගෙදර අරින්න කියන එකයි, එකම ඉල්ලීම සහ ප්‍රාර්ථනය.මොකද, සදාකාලික ආර්ථික සමෘද්ධිය සහ ස්ථාවරත්වය ඇතිවුනේ මැති-ඇමැති පවුල් වලටයි, ඔවුන්ගේ හෙන්චියන්ටයි විතරමයි. දැන් මේකට ඩිස් ලයික් දාන කට්ටිය මේ සිඟිත්තියට ආදරණීය මවක් වී සැමියාට ආදරණීය බිරිඳක් වෙනවද ???
ඉතාම කණගාටුයි... මේ කාලකණ්ණි දේශපාලකයන් ඒ අස්සේ පාටි දානවා.