(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත ) 

පවතින අධික වර්ෂාවත් සමඟ අද (15)  බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවිය.

බණ්ඩාරවෙල පන්සල ඉදිරිපිටින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ  අතර  අඩි  හතරක පමණ මාර්ගය  ජලය පිරී ගොස් තිබිණි.

ශිෂ්‍යත්ව විභාගය අවසන්ව නිවෙස් බලා යාමට පැමිණි සිසුන් හා දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වූහ.