(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බණ්ඩාරනායක මහත්තයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
නැවතත් ඒ තත්ත්වය ඇතිවන්නට ඉඩ නොදිය යුතු බව කී වීරක්කොඩි මහතා දුප්පත් අහිංසක මිනිස්සුන්ට නැගී සිටින්න නම් ඔවුන්ට බල කරලා හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න දෙන්නැයි ද එහෙම වුනොත් රටට අනාගතයක් තිබෙන බවද කීය.
"අපිට අභිමානයක් තිබෙනවා. සිංහල මිනිස්සු ලෙස සිංහල භාෂාව පිළිබඳව. ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ භාෂාව පිළිබඳව අභිමානයක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව හිතන්න. මෙච්චර කල් රටට වුණේ මොකක්ද? පළවෙනි කාරණය අපි මොට වුණා .අපේ පක්ෂයේ නායකයා වූ බණ්ඩාරණායක මහත්මයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා"යනුවෙන්ද චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව බේදභින්න කරලා පසුකාලීනව යුද්ධයකටත් මග පෑදුවා...!
දැන්ද කියන්නේ? අපි ඕවා කිව්වේ 1980 ඉඳලා, දැනුත් මොකද කරන්නේ...? දැනුත් හදනවා දෙමළ අනිවාර්ය කරන්න. ඒකෙන් වෙන්නේ තව හොඳ විෂයක් ඉගෙන ගන්න තියෙන ළමයාට මග ඇරෙනවා. ඒ වෙනුවට ජපන්, ප්‍රංශ, ජර්මන්, චීන වගේ එකක් දාන්න. සිංහල ළමයා සිංහලෙන් ඉගෙන ගනියි. දෙමළ ළමයා දෙමළෙන් ඉගෙන ගනියි. රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරන්න.
දැන්වත් තේරුණු එක ලොකු දෙයක්. අද රට වැටිලා ඉන්න ව්‍යසනයේ නිර්මාතෘ බණ්ඩාරනායක... ඒක උපනූපන් පරම්පරා වලටත් ගෙවන්න වෙන අපරාධයක්...
විරක්කොඩි මහතාගේ කථාව තුල යම් සත්‍යයක් ගැබ් වි තිබෙනවා බණ්ඩාරනායක මහතා රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව යොදා ගැනීමට අවශ්‍ය මුලික අඩිතාලම සකස් කලද 1950 දශකයේ අවසාන භාගය වනතෙක් රටේ බොහො පිරිසක් ඉංග්‍රීසි පෙරදැරිකරගත් අධ්‍යාපන රටාවකට හුරු වි තිබිණි දැනටද අධිකරණ,වෛද්‍ය,හමුදා සේනාංකවල ඉහල නිලයන් තම දෛනික රාජකාරි සදහා ඉංග්‍රීසි භාෂාව යොදා ගනි. අධ්‍යාපන සදහා ඉංග්‍රීසි භාෂාව දිගටම යොදාගත්තා නම් උතුරේ සිදුවු වාර්ගික ගැටුම්ද යම් ආකාරයකට යාමනය කර ගැනිමට හැකියාව තිබුණි. තවද ඉංග්‍රීසි අධ්‍යාපනයේ දීර්ඝ පැවත්ම තුළින් යුරෝපය, මැදපෙරදිග, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය ආශ්‍රිත රැකියා බහුලව ලබාගැනීමට ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් තිබුණු අතර අද පවතින ආර්ථික අර්බුදයටද ඒ හරහා යම් විසඳුම් ලබාගැනීමට අවස්ථාවක් තිබුණි...
ඕක තමයි තිත්ත ඇත්ත.. පාරවල් දෙපැත්තේ පේනවා දැන්වීම් ‘‘ස්පෝකන් ඉංග්ලිෂ්‘‘ පාඨමාලා... ඔබ ඇරෙන්න වෙන කවුරුත් මේ දේ කියලා නැහැ...!
ඇත්ත. එක එක කාලෙට එක එක රැළි එනවා... පස්සේ තමයි කාටකාටත් ඇස් ඇරෙන්නේ... එතකොට සියල්ල සිදුවී හමාරයි...
කොච්චර ලොකු දෙයක්ද? මොට්ටයෙක් කියලා පිළිගත්තු එක... දැන් හැමෝම දැනගත්තා දේශපාලනය කරන වැඩිදෙනා මෙම ගණයට අයත් බව...
මොනවද මේ කියන්නේ? යුරෝපයේ සෑම රටකම සුවබස විතරමයි. රුසියාවේ, චීනෙ, ජපානෙ ඒ ටිකමයි. ප්‍රගති ජාතියක්... හැමදේම වලේ...!
අනේ, රට දියුණු වෙන්න ඕනෑ නිවැරැදි ප්‍රතිපත්ති හා දැක්මක්... හොරා කාලාකාලා දැන් මරු කියවනවා...!
සහතික ඇත්ත අපේ අම්මා තාත්තා පාසල් යන කාලයේ ඒ අයට ඉංග්‍රීසි ඉගැන්වීම් කරලා තියෙනවා නමුත් අප යනවිට ගම්බද අපේ පාසලේ ඉංග්‍රීසි නැහැ. මන්ත්‍රිතුමා කියන ආකාරයට අපි මොට්ටයින් වෙලා. තමන් ඉහළින්ම සිට අනෙක් අය පහත හෙලීම වලව්කාරයින්ගේ ආශාවක් වෙනවා. බණ්ඩාරනායකලා කලේ ඒක තමයි. ඒවගේ වැඩකළ අපි දන්න කෝරළේ කෙනෙක් හිටියා අපේ ගමට පාරක් ගම්මු එකතුවෙලා හදද්දී කියලා තියෙනවා ඒ ගමේ අය අපේ ඇගේ හැපෙන්න බයිසිකල් පදීවි. වහාම පාර හැදීම නවතන්න කියලා. මන්ත්‍රිතුමා පුළුවන් නම් ඉංග්‍රීසි විතරක් නොවෙයි, ලංකාවේ සියලු දරුවන්ට සිංහල දෙමළ හා ඉංග්‍රීසි කුඩාකාලයේ සිටම හුරුකරන්න. පුළුවන් නම් වයසක අපිටත් දෙමළ හා ඉංග්‍රීසි කතාවවත් ඉගෙනීමට ඔන්ලයින් ක්‍රමයක් හෝ හදන්න...
බණ්ඩාරනායක කළ වැඩේ වැරැද්දක් නෑ... ජපානය, ඉන්දියාව, රුසියාව, චීනය, ජර්මනිය වගේ හැමරටකම වගේ ස්වභාෂාවෙන් තමයි වැඩකරන්නේ... අපි වැරැදි ප්‍රතිපත්ති නිසා සහ පුද්ගල දුර්වලතා නිසා මේ තත්වයට ඇද වැටුණා. මේවා කිසිම පදනමක් නැති කතන්දර...
අපේ සිංහල භාෂාවේ අගය හැමෝටම දැනෙන්නේ නැහැ. මේක බුදුන්ගේ භාෂාවෙන් පැවත එන එකක්. සෑම වචනයකම ධර්මය ගැබ් වෙලා තියෙනවා. මේවා තේරුම් ගන්න තරම් අද සිංහලයා පිංවත් මදි. නමුත් මේවායෙන් ගොඩයන අය අදටත් ඉන්නවා. සියලු බෞද්ධයින්, සිංහලුන්ය. පසු කලක මහත් අවාසනවකට වෙනත් බලපෑම් නිසා වෙනත් ආගම්, අද ඇදහුවත් ඔවුන් සියලු දෙනා අදටත් කතා කරන්නේ බුදුන්ගේ භාෂාවයි. මේ සිංහල බසට මෙන් ලොව කිසිත් බසකට බුද්ධ ධර්මය තේරුම් ගත නොහැක. පාර්ලිමේන්තුවේ සිටින මෙවැනි තක්කඩින්ට මෙහි අගය කිසිසේත් වැටහෙන්නේ නැත. මුලු ලංකා ද්වීපයම මව්බස සිංහල බස වියයුතු අතර කළයුත්තේ ඒ හා සමානව ඉංග්‍රීසි බසද නගා සිටුවීමයි.
බොරු කියන්න එපා. ඒකනම් බණ්ඩාරනායක නිසා වුණු දෙයක් නොවෙයි. උපතින්ම ආපු දෙයක්...
ඈ මෙයාගේ වයස කීයද? 1956 වෙනවිට රටේ සිටිය සිංහලයින් බොහෝමයක් ඉංග්‍රීසි නොදත් මොට්ටයින්. රටේ හමුදාපතිගේ සිට බොහෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කාර්‍යාලවල අංශ ප්‍රධානීන් දෙමල්ලු , මැලේ හා බර්ගර් ජාතිකයෝ. ඒ රජයේ සේවයට ඇතුළත් වීමට ඉංග්‍රීසි අනිවාර්ය නිසා. කොළඹ ඉංග්‍රීසි පාසල් 3 තිබෙනවිට යාපනේ ඉංග්‍රීසි පාසල් 33 තිබුණලු. බණ්ඩාරනායක මහතා රජයේ සේවයට, විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට ඉංග්‍රීසි අනිවාර්යයෙන් ඉවත් කිරීම නිසා දහස් ගණනින් සිංහල කොල්ලෝ කෙල්ලන් රජයේ සේවයට ආවා. දැන් ඔවුන්ගේ මුනුබුරාළා ඉංග්‍රීසි නැතුව මොට්ටයෝ වුණාලු. නුඹලාගේ සීයලට ඉංග්‍රීසි උගන්වලා රජයේ සේවය ගන්න හිටියා නම් නුඹලා අදත් ගොයම් පැල හිටුවනවා. බණ්ඩාරනායක මහතා පිරිවෙන් දෙකක් විශ්ව විද්‍යාල නොකළානම් කැළණි විශ්ව විද්‍යාලයට ගොස් උපාධි ගත්තු අය ගමේ ගොයම් හිටුවනවා. ඒ කාලේ හමුදාවට බඳවාගත්තු අයට ලෙෆ්ට් රයිට් නොත්රෙන නිසා කකුලේ ලේන්සුවක් ගැටගහලා මාච් කෙරෙව්වේ ලේන්සු කකුල, නිකන් කකුල කියලා දන්නේ නැති මිනිහෙක් බණ්ඩාරනායක මහහා ගැන අපිට කියනවා..
හලෝ භාශාවක් කතා කරන්න ඉගෙන ගන්නේ භාවිතයෙන්. අරාබි අකුරක් නොදැක්ක ගමේ ගැහැණු අරාබියේ රැකියාවට ගොස් අවුරුදු දෙකකින් ලංකාවට එන්නේ අරාබි ගැහැනුන් සමග අරාබි භාශාවෙන් රණ්ඩුවෙලා. මම දෙමල ඉගෙන ගත්තේ පාසලෙන් නොවෙයි දෙමල ළමයි ඇසුරුකරලා. පන්තියේ එක විෂයක් හැටියට ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉංග්‍රීසි ප්‍රගුණ කරන්න බැහැ භාවිතා කරන්න ඕනේ. එහෙම කෙරෙන තැන්වල ඉන්න ළමයින්ට ඉංග්‍රීසි පුළුවන්. සමහරුන්ට ඉංග්‍රීසි ලියන්න කියවන්න පුළුවන් කතා කරන්න බැහැ. සමහරුන්ගේ කතාව ඉඩීයෝමැටික් ඉංග්‍රීසි නොවෙයි. වැදගැම්මකට නැති සිංහල ටෙලිනාට්‍ය බලන්නේ නැතුව ඉංග්‍රීසි සිනමා කතා බලන්න. සමහර ළමයි ඉංග්‍රීසි බැරුව දැඟළුවාට සමහර ළමයි ජර්මන්, ප්‍රංස භාශාත් ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඇක්සන්ට් එක ලැබෙන්නේ නැහැ.
නිවට පරගැති ජාතිය හැමදාම දිළින්දෝ.ඕක මාස හයකින් බැරිනම් අවුරුද්දෙන් ඉගෙන ගන්න පුළුවන් .නමුත් යුරෝපයේ ඉංග්‍රීසි යූ.කේ සහ අයර්ලන්තයේ විතරයි තියෙන්නේ
බණ්ඩාරනායක මහත්තයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා සුද්දන්ගේ පාලන කාලය තුල අධ්‍යාපනික වශයෙන් කොන්වී සිටි සිංහල පමණක් දත් රටේ බහුතරයකට උසස් අධ්‍යාපනයේ දොරටුව විවෘත වුණා. එය එදා තිබුණු තත්වය අනුව යහපත් දෙයක්... එදා ඉංග්‍රීසි ගුරුවරුන් විරල වූ බැවින් එය උගත හැකි වූයේ නගරබද පාසල් කිහිපයක පමණි. වර්තමානයේ තත්වය වෙනස් වී ඇති බැවින් බාලාංශයේ සිටම ඉංග්‍රීසි ඉගැන්විය හැක. නමුත් සිහි තබා ගත යුතු කරුණක් නම්, තමන්ගේ මව්බස ප්‍රගුණ කල කෙනෙකුට වෙන ඕනෑම බසක් පහසුවෙන් උගත හැකි බවයි.
ජපානය, ඉන්දියාව සහ රුසියාව එක්ක සංසංදනය කරන්න පුළුවන්ද අපේ රට...? බණ්ඩාරනායක කළේ වැරැදි වැඩක්... එයාට ඡන්දෙ ගන්න දාපු උප්පරවැට්ටිය නිසා ජාති භේද ඇතිවෙලා. රට පස්සට ගිහින් විනාශ වුණා. ගම්බද ළමුන් පස්සට ගියා. කොළඹ සහ සල්ලි තිබෙන ඉංග්‍රීසි කතාකරන ඉහළ ඉහළ පන්තිය ඉහළ ගියා. එතුමා තමන්ගේ දරුවෝ ඉගෙන ගන්න රට යැව්වා...
ඒ මොට්ටයින් 69 ලක්ෂයක් රාජපක්ෂලාව බලයට ගෙනැල්ලා අද රටම බංකොළොත් කරවාගෙන මුළු රටත්, ජාතියත් සුපිරියටම විඳවනවා.
චීනය , ජපානය දීයුනු උනේ ඉංග්‍රීසි හින්දා වෙන්න ඇති. ඒ රටවල් වල ප්‍ර්‍රායෝගික අධ්‍යයනයක් තියෙනවා, රටට අවශ්‍ය මිනිසුන් නිර්මාණය කරන්න. භාෂාව නෙවේ වැද්ගත් වෙන්නේ. අපේ රටේ පාලමක් හදන්නෙත් චීන්නු. අන්තිමට සල්ලි ටිකක් උන් අරන් යනවා, දැනුමත් උන් අරන් යනවා. අපේ රටේ උන්ට උන් ඉංග්‍රීසි දැනගතා කියලා වැඩක් තියෙනවා ද. ............................ වගේ හරකුත් දියවන්නාව පැත්තේ පාර අයිනේ ඉන්නවා මම දැකලා තියනවා
ඇත්තට තැනක් නැති බවයි පෙනෙන්නේ... !