
(සිසිර කැලේගම)
අමනාපව නිවසින් පිටව ගිය බිරිය ගැන තොරතුරක් නොකීවැයි බෑනා නැන්නදම්මාට මොට්ට ආයුධයකින් පහර දී ගෙල පාගා ඝාතනය කර ඇතැයි පොල්පිතිගම පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොල්පිතිගම තල්පත්වැව මැණිකේ විජේපාල නැමැති විවාහක කාන්තාවක් බව පොලීසිය සදහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලබා සිටි පොල්පිතිගම මුලික රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බිරිය අමනාප වී ඇය නිවසින් බැහැරව සිටින නිසා සැමියා බාල වයස්කාර දරුවන් හතර දෙනකු කැටුව ඔහුගේ නිවසේ වාසය කරයි.
දරුවන් රැක බලා ගැනීමට බිරිය සොයා දෙන නැන්දම්මාගේ නිවසට ගොස් බෑණා කරුණු විමසීමේ දී ඇති වු බහින් බස්වීමක දී ඔහු එහි තිබු මොට්ට ආයුධයකින් නැන්දම්මාගේ හිසට පහර දී බෙල්ල පාගා ඇති බවත්, ඒ අවස්ථාවේ දී ඇය බේරිමට ගිය ඇයගේ සැමියාට ද මොහු පහර දීමෙන් සැමියාත් තුවාල ලබා දැනට පොල්පිතිගම මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද දැන් දැන් මේ ඇහෙන කියන කතා…! අපේ රට තිරිසනුන්ගේ පාරාදීසයක් වෙන්න යනවාද?
දැන් ඉතිං දරුවන් හතරදෙනාම පාරට තමයි. පවුලක් වෙලා වෙන් වුණාම අම්මලා අප්පලා දරුවන්ගේ පවුල්වලට ඇඟිලි ගහනකොට මෙහෙම වෙනවා...