(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
වෙළෙඳපොළේ මස්,මාළු,එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
ඉන්ධන ගෑස් සහ විදුලිය මිල යම් ප්‍රමාණයකට අඩුවී ඇතත් කූට වෙළෙඳුන් ඒ සහනය ජනතාවට නොදෙන තත්වයක් පවතින බව එම ජනතාව පෙන්වා දෙති.
සමහර වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතූ මිල ගණන් අය කරන බව පවසන පාරිභෝගික ජනතාව මේ තත්වය වැළැක්වීමට නොපමාව මැදිහත් වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරති.
ඉන්ධන ගෑස් විදුලිය මිල කොපමණ අඩු කළත් පාරිභෝගික භාණ්ඩ මිල නියාමනයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාවට ඒ සහනය නොලැබෙන බවත් පාරිභෝගික අධිකාරියද ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.
වෙළෙඳපොළේ එළවළු මිලද අධික ලෙස ඉහළ ගොස් ඇති අතර සමහර එළවළු ග්‍රෑම් 250 අලෙවි කැරෙන්නේ රුපියල් 80, 120 වැනි මිල ගණන්වලට බව ජනතාව ප්‍රකාශ කරති.
කුඩා මාළු මිලද රුපියල් 1000, 1500 ඉක්මවා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දලාල් ගේ උත්දමනය් ගණන් බැලීමට මේවා එකක් වත් අහුවෙන්නේ නැහැ මන් හිතන්නේ
කුකුල මස් කිලෝව 1500යි හාල්මැස්සන් කරවල කිලෝව 1200යි හාල් කිලෝව 200යි ස්තූති සෑර්.
ඒ වුනාට උද්ධමණය අඩුයිනේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. උද්ධමනය ගණනය කළ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවද, මහ බැංකුවද දන්නේ නෑ සියළු ආයතනවලට ස්තුතිය...!
මෙහෙම තියෙද්දී ඉහළම ආදායම් තියෙන එවුන්ට අස්වැසුම දෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රවී ඇමැතිවරයා දුන්නු පොලියත් අඩුකරලා නිසා ජීවත්වෙන්න තවත් අමාරුයි. ඇත්තටම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 15ක පොලියක් දුන්නේ සිරිසේන ජනාධිපති විසින්ද කියලා හිතන්නේ රනිල් ඒවා සියල්ලම අහෝසි කරන නිසා තමයි. මාසෙකට ලක්ෂයක් හමාරක් මදි කියලා හිතවතුන්ට අස්වැසුම දෙන්න පුළුවන් ආණ්ඩුවට මාසෙකට රුපියල් හතලිස් දහසකට අඩුවෙන් විශ්‍රාම වැටුපක් ලබන පවුලක් ජීවත්වෙන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයාටවත් හිතෙන්නේම නැද්ද?
රාජපක්ෂ පවුලම රටට ශාපයක්, ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.
අධික වර්ෂාව නිසා එළවළු මිල ඉහළ ගියා. එය සාමාන්‍ය දෙයක්...
ඩොලරය සීයට බැස්සත් කිසිඳු වෙළෙන්දෙක් බඩු මිල අඩුකරන්නේ නෑ... බිත්තර ගෝසාවත් වැඩක් වුනේ නෑ. රටේ හැමතැනම 55,58යි. හැමතැනම කලු කඩ, පාරිභෝගික නොසේවා අධිකාරිය, චූං පාන් 450ක් තියා350 ක් නෑ... අද පාලනයේ 330 ග්‍රෑම් තිබුණේ...
2048 වෙනකම් ඉවසගෙන, බලන් ඉන්නම වෙනවා...!