(ෂේන් සෙනෙවිරත්න)
අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩිමට ගොස් ඇද වැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරික්ෂණයේදී මියගිය පුද්ගලයා දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි අයකු බවට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.පී. ජයසූරිය මහතා අනාවරණය කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පෙළ නාඋල්ලේ පදිංචි 30 හැවිරිදි අවිවාහකයෙකි.
කඩුගන්නාව නාවුල්ල ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වී හොර රහසේ පුවක් ගසකට නැග පුවක්වල්ලක් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී සැකකරු එම පුවක් ගසෙන් ඇද වැටී පෙරේදා (13) මියගියේය.
ආහාරයක් නොමැති නිසා පුවක්වල්ල කැඩීමට යන්නට ඇතැයි සැක කෙරේ.
මියගිය අය පුවක් ගසකට නගිමින් සිටියදී එසේ ඇද වැටී මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
කාත්කවුරුත් නැති මොහුට ස්ථීර ආදායක් නොමැති බව ද මරණ පරීක්ෂණයේදී ඔහුගේ ඥාතීන් පවසා ඇත.
පුවක් ගසෙන් වැටීමෙන් සිසුම්නාවට දැඩි හානි සිදුවීම නිසා මෙම මරණය සිදුව ඇතැයි ද මරණ පරික්ෂණයේදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුයි,කාත්කව්රුත් නැති බව ඤාතීන් පවසයි,රටෙන් අඩක්ම කුසගින්නේ
ඉතාමත්ම ශෝචනීයයි. පාලකයන්ගෙන් අහන්න තියෙන්නේ දැන් හරිද කියලා. ඔබ නැවතත් මේ කාලකණ්නි ඉන්න භූමියේ නොඉපදේවා...!
දින දෙකක් නොවෙයි, එකක් කුසගින්නේ හිටියත් පුවක් ගහකට නගින්න බැහැ.. මේවා රටේ පාලකයින්ට තේරුම් ගන්න බැහැ. මේවාට හේතුවක් හිතාගන්න ඔවුන්ට බැහැ... සාමාන්‍යයෙන් සජිත් කියනවා වගේ හොරාකාපු සල්ලි ගන්න පුළුවන් නම් ඒවා උසස් අධ්‍යාපනය නැතුව රැකියා පුහුණුවක් නැතුව පාසල් හැරයන පිරිස්වලට රැකියා දීමට / පුහුණුව සඳහා පසු විපරමක් සහිත සැලසුම් කරන්න හැකියාව ඇත්නම් ඉතාමත් හොඳයි...
අවුරුදු 30ක තරුණයෙක් දින දෙකක් තිස්සේ කුසගින්නේ.. අහෝ රටට ගිය කල. පාලකයිනි තොපට ශාප වේවා...
මේ තරුණයට බැරි උනාද රැකියාවක් කරන්න. අධ්‍යාපන සුදුසුකම් මදිනම් ඒත් මොකක් හරි දෙයක් කරන්න පුළුවනේ.අසල්වැසියෙක්වත් හිටියේ නැද්ද කෑම ටිකක් දෙන්න. .ඔබට නිවන්සුව ලැබේවා.