සැමියා හැර යාම නිසා දින ගණනාවක් තිස්සේ ආහාරක් නොමැතිව කුසගින්නේ සිටි මවක සහ ඇගේ දියණියක දුම්රියට පැන දිවි නසා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට හැකි වූ බව ගල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය පවසයි.
මෙසේ දිවි නසා ගැනීමට උත්සහ දරා ඇත්තේ ගල්ගමුව පොලිස් වසමට අයත් මහගල්ගමුව ප්‍රදේශයේ 38 හැවිරිදි එක්දරු මවක සහ දස හැවිරිදි එකම දියණියයි.

ගල්ගමුව වෙල්රොදවත්ත කැලෑ බද ප්‍රදේශයක දුම්රිය මාර්ගය ආසන්නයේ කාන්තාවක හා කුඩා දැරියක අඬමින් සිටින බවට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු දැනුම් දුන් බව පොලිසිය පවසයි.
ගල්ගමුව ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල් ප්‍රියන්ත සෙනරත් බණ්ඩාර මහතාට ලැබුණු එම දුරකතන ඇමැතුමත් සමගම පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයට පිටත්ව ගොස් ඇත.
තමා එම ස්ථානයට යන විටත කාන්තාව හා ඇගේ දියණිය දුම්රිය මාර්ගයේ අඬමින් සිටි බව පොලිස් කොස්තාපල්වරයා කීය. ඔවුන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගත් සැණින් කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වා ධාවනය වූ දුම්රිය එම ස්ථානය පසු කර ගිය බව ද පොලිස් කොස්තාපල්වරයා පැවැසීය.
පොලිස් කොස්තාපල්වරයා ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා ජීවිත දෙකක් ගලවාගත හැකි වූ බව දුම්රිය සේවකයෝ පවසති.
මෙම මව සහ දියණිය පොලීසියට රැගෙන ගොස් කරුණු විමසීමේ දී වඩු කාර්මිකයකු වන සැමියා දිනපතා අධික ලෙස බීමත්ව පැමිණ තමන්ට සහ දියණියට හිරිහැර සිදු කරන බවත් දරුපවුලට කෑමට බීමට අවශ්‍ය කළමනා ගැනීමට අවශ්‍ය වියදම් පවා ලබා නොදීමෙන් තමාත් දියණියත් නිතරම බඩගින්නේ සිටි බව කියා සිටියාය.
ඇය මෙසේ ද කීවාය.
මීට දින ගණනාවකට පෙර බීමත්ව පැමිණි සැමියා කුඩා දියණියට ද බලහත්කාරයෙන් කසිප්පු පෙවීමට උත්සාහ ගත්තා. මා ඊට විරෝධය පළකිරීමෙන් පසුව සැමියා මා සහ මගේ දරුවා දමා නිවෙසින් පිටව ගියා. ඔහු නැවත ආවේ නෑ.
සැමියා එසේ අතහැර ගියාට පස්සේ අපට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. කිසිම ආදායමක් නෑ. මගේ දියණිය සහ වයෝවෘද්ධ ආබාධිත පියා ජීවත් කරවීම සඳහා කඩයප්පන් සකස් කළා. එය සාර්ථක වුණේ නෑ. පස්සේ බඩ ගින්න ඉවසා ගන්න බැරිම තැන පාරේ යන එන අයට අත පා ජීවත් වීමට උත්සාහ ගත්තද අපට උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ.
කන්න බොන්න දෙයක් නැතිව ජීවත්වන්න අසීරු නිසා අන්තිමේ දී දියණිය සමග දුම්රියට පැන දිවිනසා ගැනීමට තීරණය කළ බව ද ඇය කීවාය.
මේ කාන්තාවට සමෘද්ධි සහනාධාරය මුලින් තිබි ඇති බවත්, කුඩා කණ්ඩායම් ක්‍රමය යටතේ සමෘද්ධි බැංකුවෙන් ණය ලබාගෙන ඒ ණය නොගෙවීම නිසා සමෘද්ධි සහනාධාරය ද කපා හැර ඇතැයි දැන ගැනීමට ලැබුණු බවත් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත බණ්ඩාර මහතා කීය.
මව හා දස හැවිරිදි දියණිය ජීවත් වන්නේ කටු මැටි ගැසු පැල්පතක බවත් එහි ආරක්ෂාවක් නොමැති බවත් දැරිය ප්‍රදේශයේ පාසලක පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් පොලිසිය සඳහන් කළේය.
ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත ඒ දෙදෙනාට දින කීපයකට සෑහෙන්න වියළි ආහාර ද්‍රව්‍යය ද සපයා දී ඔවුන් නිවෙසට කැඳවාගෙන ගියහ.
මේ සම්බන්ධයෙන් මහගල්ගමුව ග්‍රාම නිලධාරි ජේ.එම්. විජේදාස මහතාගෙන් විමසීමක දී මෙසේ කීය
”_ඔය කියන කාන්තාවගේ සැමියා ඇයව අතහැර ගිහින් ඉන්නේ. ඒ වාගේම ඇගේ පියා ඉන්නෙත් ඒ ගෙදර. ඔහුට වයස අවුරුදු හැත්තෑවක් විතර ඇති. යන්න එන්න බෑ. දැඩි ලෙස රෝගාතුරව ඉන්නෙ. දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්නත් හැකියාවක් නෑ. මේ නිසා ඇය මානසික පීඩනයකින් ඉන්න ඇති. මමත් ඒ නිවෙසට බොහෝ අවස්ථාවල ගිහින් ඇයට උපදෙස් දීලා තියෙනවා .”_
ඒ කාන්තාවගේ ගේ හදලා දෙන්න නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය ඉල්ලා තියෙනවා. හතර වන අදියරට තමයි ඒ ණය ලැබෙන්නේ. ටිකක් පමාවෙලා තියෙනවා. මම අදත් (09) නිවාස සංවර්ධන අධිකාරියට කතා කළා. අර වයසක පියා වැඩිහිටි නිවාසයකට අරන් යන්න අපි සුදානම් වුවත් ඒ කාන්තාව ඒකට කැමැති වුණේ නෑ. සමෘද්ධිය කැපිලා. ඒත් දැන් ඇයට රුපියල් 2000 දීමනාවක් අනුමත කරලා දීලා තියෙනවා. සමෘද්ධි බැංකුවට මුදල් ගිය සතියේ ඇවිත් තියෙනවා. ගම්වැසියන් උදවු කළත් පවුලේ අය උදවු නොකිරීම ගැනත් ඇය කනගාටුවෙන් හිටියා.”
මේ ගැන ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පතිරාජ මහත්මියගෙන් විමසු විට මෙසේ කිවාය.
“ඔය සිද්ධිය දැන ගත් වහාම මම නිලධාරීන් ඒ නිවසට යැව්වා තොරතුරු සොයන්න. මම දැන් කාර්යාලයේ නෙමෙයි ඉන්නේ. උදෙන්ම රාජකාරියකට පිටතට ආවා. ඒ නිසා මට විස්තර අහන්න බැරි වුණා. එන වේලාවක් නම් කියන්න අමාරුයි. මං තවම හරි විස්තරයක් දන්නේ නෑ.”
කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව, නිකවැරටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි උපුල් චන්දන මහතා මෙම සිද්ධිය පිළිබඳව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ද දැනුම්වත් කර, සැමියා නොමැතිව අසරණභාවයට පත්ව සිටින එම කාන්තාවගේ පවුල පිළිබඳව සොයා බැලීමට පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙහෙම කිවුවට හිත කලබල කර ගන්න එපා. කාටද කොන්දක් තියෙන්නේ මේ මත්පැන් අපේ රටේන් තුරන් කරන්න........
ඉතාම කනගාටුදායක තත්වයක්. පොලිස් කොස්තාපල්වරයාට මේ කරපු දෙයට රජය විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මම හිතනවා යම් අයෙක් (දේශපාලකයන්) මේ අයට උදවු කරාවි කියල.
හරිම කනගාටු දායකයි. නමුත් නායකයන්ට අනුව නම් බඩගින්නේ ඉන්න මිනිස්සු තියා පොල් අතු වහපු ගෙයක්වත් මේ සිරිලක නෑ
පුලුවන්නම් ගිණුම් විස්තර හොයලා ඊ මේල් කරන්න. තව එක අදහසක්, මේ අයගේ ඡායාරූප පල කිරීම නුසුදුසු නේද?
පාර්ලිමේතුව නැමති මඩුවේ සිටිනා 225 න් එක අයකුට හෝ මෙම පුවත කියවීම කෙසේ වෙතත් දැකීමට හැකි වේවා!!!
අපගේ ගුවන්සේවයේ පාඩුව රජයේ ආදායමෙන් 10% එසේ තිබියදීත් ඒවා වහන්නේ නෑ රටේ අභිමානයට කැලලක් නිසා.
ඔන්න සැබෑ දුක්මුසු යථාර්තය.... අතලොස්සක් සැප විදිනකොට සෑහෙන ප්‍රමාණයක් අධික විදිහට අපා දුක් විදිනවා.
කරුණාකර ඔවුන්ගේ විස්තර දැනගන්නා ආකාරය සඳහන් කරන්න. මේ සිංහල බෞද්ධ රටේ කිසිම මිනිහෙක් බඩගින්නේ මැරෙන්නෙ නෑ. පිංවත් සත්පුරුෂයින් පිරුණු රටක් මේ
රජයෙන් එක එක හේතු කියමින් එක එක අයට ශිෂ්‍යත්ව ලබාදෙනු ලබයි නිවාස ලබා දෙනු ලබයි ඒ ආකාරයට මේ දරුවාගේ ඉගෙනීම කරගන්න ශිෂ්‍යත්ව ලබා දී ඉන්න නිවසක් හා ආධාරයක් ලබා දිය නොහැකිද? මේ රෝගී වූ පියා මැයට තනිවම රැක බල ගැනීමට නොහැක හොදම දෙය මහලු නිවාසයකට යොමුකර ඔහුගේ සුවදුක් හැකි ලෙස සොයා බලා කරලීමයි.
ගල්ගමුව සිංහල බෞද්ධ ග්‍රාමයක්. ප්‍රදේශයේ පන්සල් විශාල ප්‍රමාණයක් තියනවා. ඇයි මේ වගේ අහිංසකයන්ගේ දුක එම ස්වාමීන්වහන්සේලාට නොපෙනුනේ? ඔන්න ඕකයි අද සිංහල බෞද්ධයන්ගෙ තත්වය..
වඳ සැත්කම් කරගෙන තියෙන්නේ මෙහෙම තමා
හරිම දුකයි. කන්න නැතුව ළමයි මැරෙනවා, පවුල් කෝච්චියට පනින්න හදනවා, මේක දැන් සෝමාලියාවක් වගේ.
ශ්‍රී ලංකාව දැන් ඉහල ආදායම් මට්ටමේ රටක් - ලෝක බැංකුව
කරුණාකරලා මෙයාගේ බැංකු ගිණුම් විස්තර ලබාදෙන්න. පුළුවන් විදියකට උදව් කරන්න කැමතියි මම.
225 ක් සිටිනා දියවන්න ඔයේ ..// දැක්කේ නැද්ද දුක දොම්නස් දුප්පත් මේ පවුලේ..//
රටේ පාර්ලිමෙන්තුවා නියෝජනය කරන මන්ත්‍රීන් අතිබහුතරය මෙම දෙදනාද ඇතුලුව මුලු මහත් ජනතාවම ගෙවන බදු මුදලින් ලබාගන්නා වාහනය අසීමිත වටිනා කමකට විකුනාගනී. මංත්‍රීවරයකුගේ එක් ආහාරවේලක වටිනාකම රු 1500/ ඉක්මවයි දුරකථන, ඉන්දන, සංග්‍රහ, නිවාස හා පැමිණීම් (පාර්ලිමේන්තුවට ) ඇතුලු මාසික ආදායම ලක්ෂ 5 ඉක්මවයි. තවද පලාත් සභා පලාත්පාලන මංත්‍රීන්. රටේ ජතාව කුසගින්න සිය දිවි හානිකගන්නවා අපිරිමිත දේශප්‍රේමයෙන් රට උතුරා ගොස් ඇත.
අපේ කාන්තාවන්ට උපදෙස් සහ සහයෝගය ලබා දෙන්න ඕනේ. සුරා සුදුවෙන් තොර මිනිස්සුත් එක්ක පවුල් ජීවිතය ආරම්බ කරන්න . මේ අහිංසක කාන්තාවන්ගේ ජීවිත අපායකට පරිවර්තනය කරන්නේ. අපි අපේ කන්න්තාවන් මේ රකුසාගෙන් ආරක්ෂා කරගත යුතුයි ..!
වටිනා ජීවිත දෙකක් බේරා ගත් පොලිස් නිලධාරී මහතාට සහ තොරතුරු ලබාදුන් අයටත් අනේක පිං.
ගල්ගමුව පොලිස් ස්තානයට සම්බන්ද වී විස්තර ලබගන්න.
ඉතාම කණගාටුදායක ප්‍රවෘත්තියක්. ඉතා දුප්පත් පවුලක්. එහෙම තියද්දීත් නිවාස සංවර්ධන අධිකාරියෙන් ණයනේද දෙන්නේ? මෙහෙම ආදායම් නොමැති පවුලක් කොහොමද ඒ ණය ආපහු ගෙවන්නේ? මේක ණය නැතුව ආධාරයක් හැටියට දුන්නා නං කොච්චර හොඳයිද? මේ සමෘද්ධි සොච්චම් මුදලින් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද? සමෘද්ධි ලබන කිසිම පවුලක් දියුණු වෙලා නැහැ. යම් පුද්ගලයකුට ණය දුන්නා නං ඔවුන් නගා සිටුවීමට අවශ්‍ය උපදෙස් දීලා, ඔවුන්ව ආර්ථික මට්ටමින් දියුණු කලයුතුයි. එහෙම නැතුව ඔවුන් අසරණ වුණායින් පසු නඩු ගොනුකරන්නයි, බ්ලැක් ලිස්ට් කරන්නයි සාධාරණ නොවේ...
පදනම් විරහිත මුස්ලිම් ජනතාවට අනවශ්‍ය චෝදනා කරන රතන හාමුදුරුවෝත්, ඥානසාර හාමුදුරුවෝත් මෙවැනි අසරණ පවුල් පිළිබඳව අවධානය යොමු කළානම් හොඳයි. බලන්න මත්පැන් නිසා නේද මේ පවුලට මේ ඉරණම වෙලා තියන්නේ. කෝ රතන හමුදුරුගේ ධර්ම රාජ්‍ය?
කරුණාකර බැංකු ගිණුමක් ඇර ගිණුම් නොම්මරය ලබාදෙන්න. මාසිකව රුපියල් 2500/- ගණනේ මෙම ගිණුමට අවුරුද්දක කාලයකට මගේ ගිණුමෙන් මුදල් බැර කිරීමට මාගේ බැංකුවට විධානයක් දීමට මම කැමැත්තෙමි. මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ඔවුන්ගේ විස්තර එවන්නට හැකිද?
ලංකාවේ දරුවන් ඉතා අසරණ තත්වයකට ක්‍රමයෙන් නතුවන බව නිරීක්ෂණය වෙනවා. එක් අවස්ථාවකදී දරුවන් සමග නිල්වලා ගඟට පැන දිවි හානිකරගත් දරුවා සහ මවගෙන් පටන් කාමරංකා බඩගින්නට කා බඩපුරවාගෙන මරණයට පත්වුණු දරුවන් නියඟලා අල තම්බාගෙන කන්නට උත්සාහ ගෙන අසල්වැසියකුගේ මැදිහත් වීමෙන් දිවිබේරාගත් දරුවන්ද මේ නොබෝ දිනක මන්දපෝෂණයෙන් මියගිය දරුවාත් සිහිකරන විට දැඩි අවාසනාවන්ත තත්වයක් උද්ගතවී ඇති බව පෙනෙනවා. ග්‍රාමීය මෙන්ම, නාගරිකව ජීවත්වන දරුවන්ගෙන් සැලකිව යුතු පිරිසකගේ මව හෝ පියා හෝ දෙදෙනාම නොමැති උදාහරණ සොයාගත හැකියි. දරුවන් මේ නිසා අනාරක්ෂිතවීම මන්දපෝෂණය දූෂණයට සහ අපචාරයන්ට ගොදුරුවීම ඛේදනීයයි. දුප්පත් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් රැකගැනීම දෙමාපියන්ගේ ආදායම් තත්වය දියුණු කිරීම කළයුතුමයි. මේ සඳහා දේශපාලන නායකත්වය නිලධාරින් පන්සලේ නායක හාමුදුරුවෝ ප්‍රධාන මෙහෙයුම් කමිටුවක් ඇතිකර ඔවුන්ට උපකාර කළ යුතුයි. අපේ හාමුදුරුවනේ දැන් පන්සල් හැදුවා ඇති... සිංහල බෞද්ධ දරුවන් බේරාගනිමු. මන්දයත් අනිකුත් ජාතින්ගේ දරුවන්ට මෙසේ නොවීමට සිදු නොවන බැවිනි. මුස්ලිම් ජාතික දරුවන් කෙදිනක හෝ මෙවැනි තත්වයකට මුහුණ දී ඇතිද? කරුණාකර විමසනු මැනවි...
කරුණාකර ගිණුම් විස්තරත් පෝස්ට් කරන්න.
කරුණාකර බැංකු ගිණුම් අංකය එවන්න. හදිසියි.
අනේ මං අහන්නේ කෝ ඔය සංවිධාන...? ළමයි ගොඩාක් හැදුවම දෙනවා කියපු දීමනා..
ඉතාම දුක් බර පුවතක්,උදව් කිරීමට කෙමෙත්තෙන් සිටිමි ක්‍රමයක් ඇත්නම්.
මේවා ඇහෙනකොට මට මගේ රට ගැන ඇඩෙනවා. අපි මේ තරම් අවාසනාවන්ත රටක් වුනේ කොහොමද?
මෙවැනි පුරවැසියෝ ජීවත්වන බව පාලකයෝ කොහෙත්ම දන්නේ නෑ. ඒකනේ ඒ ගොල්ලෝ ළමයින්ට ටැබ් දීලා ජාත්‍යන්තර තත්වයට ගේන්න හදන්නේ...
ඥාණසාර හිමියනි, රතන හිමියනි, අන්තවාදය පතුරුවා ජාතිවාදය අවුස්සන්නේ නැතිව මගේ වගේ බෞද්ධ පවුල් හඳුනාගෙන උදව් කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න. පිනක්...
කරුණාකර පුළුවන් නම් ඇමතුම් විස්තර එවන්න.
දැන් " අපේ කාලේ නම් මෙහෙම වුනේ නෑ හාමුදුරුවනේ" කියාගෙන සෙට් පිටින් මේ අයව බලන්න යයි.
ඉන්දික බණ්ඩාරනායක හිටපු නියෝජ්‍ය නිවාස ඇමැතිතුමා ඉන්නේ මේ කියන හරියෙම.. දැනටත් එතුමාගේ බලය ඒ වෙනුවෙන් තියනවනේ.. ඉතිං නරකද මෙයාලට ගෙයක් හදලා දෙනවා නම්... ඔවැනි අයටනේ රජයෙ උදව් වුවමනා...
ඉතාම කණගාටුදායක තත්ත්වයක්.
මේ රටට කෙලවෙලා තියෙන්නේ මධ්‍යසාර නිසයි. මම නම් කියන්නේ සියලු මත්පැන් තහනම් කළයුතුයි. බොරුවට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු, සති, වැඩසටහන් තියලා වැඩක් නෑ. ඒවා නිකං එකෙකාගේ මාර්කටින් විතරයි. මේ රටේ කිසිම ආණ්ඩුවකට කොන්දක් නෑ... එ්ක කරන්න. බදු සල්ලි ටික නැති කරගන්න බයයි. ඒ වෙනුවට වෙන ආදායම් මාර්ග හදාගන්න හැකියාවක් නෑ මොවුන්ට... අසරණ මිනිසුන්ව බිල්ලට දීලා භාණ්ඩාගාරෙට සල්ලි හොයාගන්නේ... මේ ඇල්කොහොල්ම තමයි මේ ජාතියේ විනාසෙටත් ප්‍රධාන හේතුව...
දුප්පත් කම රටෙන් තුරන් කරලා දමන බවක් රටේ ජනාධිපති සහ අගමැතිත් ඒවගේම කැබිනට් එක ඇතුලේ ඉන්න රැලත් කියා තිබුණා නේද ?