(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 160ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බඩ ඉරිඟු ආනයනය කරන ව්‍යාපාරිකයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පොරොන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එළඹෙන මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කරන අතර ගොවීන්ට ලබා දිය හැකි ඉහළම සහතික මිල තීරණය කිරීම ව්‍යාපාරිකයන්ට බාර කෙරුණු අතර ඒ අනුව බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් එකක් සඳහා අවම මිල වශයෙන් රුපියල් 160ක් ලබා දීමටත්, වෙළෙඳ පොළේ බඩඉරිඟු මිල ඉහළ යන අවස්ථාන් හි දී එහි වාසියත් ගොවීන්ට ලබා දීමට එකඟතාවය පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ලෝක වෙළෙඳ පොලේ බඩ ඉරිඟු මිල රුපියල් 160ට වඩා පහළ ගිය ද මෙම මිලෙහි වෙනසක් නොවේ.
රටේ විදේශ විනිමය විදේශ රටවලට නොයවා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමට තමන් පියවර ගන්නා බව බඩ ඉරිඟු ආනයනකරුවන්ගේ සංගමයේ ව්‍යාපාරිකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පොරොන්දු වී ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බඩ ඉරිඟු මිල තීරණය කරයි
Jeewantha Thursday, 16 February 2023 10:18 AM
අනුරාධපුර,ගල්පොත්තේගම. බඩ ඉරිගු රුපියල් 160 ට ගන්න කෙනෙක් නෑ.
M.a.s.m premarathna Saturday, 25 February 2023 11:03 AM
130ට නේ ගන්නේ ගොවියා අසරණ කරනවා. යන වියදම බලන්න ඕනෑ. හිඟාකෑවා නම් හොඳයි. මීට වඩා ලාබ ගන්නේ අතරමැදියෝ මේවාට කවුරුත් කතාකරන්නේ නෑ. හොයන්නේ නෑ මේවා ගැන...
Mgbs kulathilaka Thursday, 25 January 2024 02:34 PM
ගලෙන්බිදුනුවැව මිල අමු ඇට 75,80 වේලලා 110 ත් තමයි.
Kms chandana Saturday, 03 February 2024 01:39 PM
අම්පාරේ බඩ ඉරිඟු ගන්නේ කුණු කොල්ලෙට. 108 ට ගන්නේ .මිනිස්සු බැංකු වලින් ලෝන් අරගෙන ඒවා ගෙව්වට පස්සේ ඇති දෙයක් නෑ.. අතරමැදියෝ තමා හැමදාම කන්නේ.. මිනිස්සුන්ට වහ තමා කන්න වෙන්නේ බඩ ඉරිඟු 160 රජයෙන් ගන්නවනම් ඒක හොද දෙයක්.. වැඩේ කියන්නේ රජයෙන් කියනවා විතරයි ...