IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප

(උපාලි ආනන්ද)

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදල ලබා නොදී වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් අධිකරණයට ඉදිරිපත් කළ මෙන්ඩිස් සමාගෙමි සභාපති අර්ජුන ඇලෝසියස් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මයේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය.

ඇපකරුවන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බව ද නියෝග කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා සැකාකාර අර්ජුන ඇලෝසියස්ට විදේශ ගත වීම වලකාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කළේය.

රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විදිමින සැකකාර අර්ජුන ඇලෝසියස් යළි 2025 වසරේ පෙබරවාරි මස 10 දින අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මයේස්ත‍්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කළේය.

වරින් වර අවස්ථා තුනකදී  මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සියලු පාර්ශවයන්ගේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගෙන සැකකාර අර්ජුන ඇලෝසියස්ට ඇප නියම කරමින් ප‍්‍රකාශ කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුව මෙම සැකකරුගෙන් ප‍්‍රකාශයක් පවා ලබා නොගෙන මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම මෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම ද ගැටළු සහගත බවයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුව  අසම්පූර්ණ සහ දෝෂ සහිත වැඩිදුර වාර්තා මෙන්ම අධිකරණ නියෝග ඉල්ලා සිටීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම මෙහිදී අධිකරණයේ දැඩි දෝෂ දර්ශණයට ලක් කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුර වාර්තා සහ වෙනත් ලේඛණ අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙසටද අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුවට දනුම් දුන්නේය.

නොච්චියාගම පී ඩී ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගෙමි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රසාද් දිලංක යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුවට කරන ලද පැමිණිලල්කට අනුව මූලික විමර්ශන මෙහෙයවීමෙන් අනතුරුව බන්ධනාගාරය මගින් සැකකරු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

 



අදහස් (2)

බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප

Bandz Wednesday, 06 November 2024 05:20 PM

බඩ ඉරිඟු වගාකරපු අහිංසක මිනිස්සු...

:       0       27

Bandara Thursday, 07 November 2024 06:07 AM

අවුරුදු 76 ක් රට කාපු දේශපාලුවෝ නිසා මේ අහිංසක මනුස්සයා හිරේ විලංගුවේ වැටිලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site