
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මහ කන්නයේ බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර සියලු ගොවීන්ගේ තොරතුරු ඇතුලත් තොරතුරු පද්ධතියක් සහිත "ඇප් එකක්"හඳුන්වා දීමට නියමිතය.
මෙම විද්‍යුත් ලියාපදිංචිය මගින් මෙරට බඩ ඉරිඟු වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඔවුන්ට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය ,ඔවුන් වගා කරන ඉඩම් ප්‍රමාණය, ලබාගත හැකි අස්වනු ප්‍රමාණය ,එම වගාබිම් පිහිටි නිවැරදි ස්ථානය ආදී තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
නිවැරදි දත්ත ලබා ගැනීමත් සමග බඩ ඉරිඟු වගාව ක්‍රමවත්ව සිදු කරන්නට ගොවීන්ට අවශ්‍ය සහාය ලබා ලබාදීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩ ඉරිඟු වගා කරන ගොවීන් පමණක් නොව වී වගාකරන ගොවින් සඳහාද ගොවීන්ගේ තොරතුරු ඇතුලත් තොරතුරු පද්ධතියක් සහිත “ඇප් එකක්“හඳුන්වා දෙන්න. පසුව වෙනත් වගාවන් සදහාද පුළුල් කරන්න.