(සුජිත් හේවාජුලිගේ )
බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද මෙතෙක් පැවැතුණේ රුපියල් 75 ක් ලෙසය.
මේ අනුව බඩ ඉරිගු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 25 ක් දක්වා අඩු වනු ඇත.
බඩ ඉරිඟු සහ යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණෙන් බඩ ඉරිඟු ආනයන බදු මෙසේ අඩු කළ බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර සීනි බදු අඩුකළා වගේ තමන්ගේ කට්ටියට බඩුටික ඇතුළට ගන්නකන් කරපු අඩු කිරීමක්ද සියඔලා මහත්තයෝ...?
ඕවා කියලා වැඩක් නැහැ අපිට... ඕකෙන් වාසි වෙන්නේ දේශපාලුවටයි... තක්කඩි රාජ්‍ය නිලධාරියාටයි, කූඨ වෙළෙන්දටයි විතරයි. අපිට වෙන්නේ ඔය ඔක්කොම කට්ටිය හොරාකෑවට පස්සේ වෙන පාඩුව, වෙන මොකක්හරි ක්‍රමයකින් ගෙවලා දාන්න..
සියඹලාපිටිය හොඳයි..., මීහරක් බලන්න දාන්න...