(අංජුල මහික වීරරත්න)
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට නගා ඇති චෝදනාව වන්නේ බට ලන්දේ නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම පමණක් බවද විජයවර්ධන මහතා කීය.
මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.
බට ලන්ද වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනාවක් තිබේ නම් ඒ තිබෙන්නේ එහි නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම සම්බන්ධයෙන් පමණයි.
එකල භීෂණ සමයේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති ඝාතනය කළා.එවැනි තවත් ඝාතන සිද්ධි රැසක් වාර්තා වී තිබුණා.
එවැනි වකවානුවක තමයි රනිල් බියගම සංවිධායක ලෙසත් ඇමතිවරයෙක් ලෙසත් එම ප්‍රදේශයට ආරක්ෂාව දීමට සහ විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය නිසා බටලන්දේ හමුදා කඳවුරක් ස්ථාපිත කරනු ලැබුවේ.
එතනට හමුදාවෙන් ගෙනාවේ තර්ජනයට මුහුණ දීමට පමණයි.ඒ හැර කොමිසමෙන් එතුමාට කිසිම චෝදනාවක් නැහැ යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව රකින්න
pakeer Saturday, 12 April 2025 02:17 PM
මේ පාර උසාවියෙන් ඒක තීරණය කරයි.