(රංජිත් රාජපක්ෂ)

බගවන්තලාව  කැම්පියන් නගරයේ සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය රැගෙන යන ප්‍රධාන ජල නළ පද්ධතියට ස්ථාන කිහිපයකින්  විනාශ කළ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  බගවන්තලාව පොලිසිය කියයි.

කැම්පියන් වතුයායේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ සිට තේ වතුයාය හරහා කැම්පියන් නගරයට ඉහළින් ඉදි කර ඇති ජල ටැංකියකට ජල නළ යොදා ජලය එක් රැස් කර එම ජලය කැම්පියන් නගරයට සහ කැම්පියන් වතුයායේ පහළ කොටසේ වතු නිවාසවලට පානීය ජලය ලබා දීම සිදු කරනු ලබයි.

සැකකරුවන් දෙදෙනා කඩා විනාශ කර දමා තිබූ ජලනළ ප්‍රදේශවාසීන් සහ බගවන්තලාව පොලිසිය සොයා ගත් අතර, පවත්නා තත්වය මත කැම්පියන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ කැම්පියන් වතුයායේ පහළ කොටසේ පදිංචි වතුකම්කරු පවුල් 225ක් පමණ දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.