IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


බංග්ලාදේශයේ පිපිරීමක් 16 ක් මරුට

බංග්ලාදේශයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයක සිදුවුණු පිපිරීමකින් 16 දෙනෙක් මියගියහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 450 කට වැඩිය.

පිපිරීම සිදුවූයේ බංග්ලාදේශයේ ගිණිකොණ දෙසින් පිහිටි සීතාකුණ්ඩා නගරයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයකය. පළමුවෙන් ගබඩා සංකීර්ණයේ ගින්නක් හටගත් බව පැවැසෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන කණ්ඩායම් කීපයක් කැඳවන ලදී.

ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට වෙහෙසෙද්දී ප්‍රබල පිපිරීම සිදුවිය. පිපිරීම සිදුවන්න ඇත්තේ කන්ටේනර් පෙට්ටිවල අසුරා තිබූ රසායනික ද්‍රව්‍ය නිසා යැයි පැවැසෙයි. ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නැත. ඒ, සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.

මියගිය සහ තුවාල ලැබූවන් අතරේ ගිනි නිවන භටයන් කීප දෙනකු ද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් විසි දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඇතැමුන්ගේ සිරුරු සියයට 60 කට වඩාත්, තවත් සමහරුන්ගේ සිරුරු සියයට 90 කට වඩාත් පිළිස්සී ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවේ පවසා ඇත.

සීතාකුණ්ඩා නගරය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන චිතගොංග් නගරයට කිලෝ මීටර් 40 ක් දුරිනි. බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සියලු දෙනා චිතගොංග් නගරයේ රෝහල් වෙත රැගෙන ගිය බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

ගබඩා සංකීර්ණයේ පිපිරීම අති ප්‍රබල එකක් වූ අතර කිලෝ මීටර් 4 ක් දුරට ඇති නිවාස සහ ගොඩනැගිලිවලට ද එයින් හානි සිදුවුණු බව බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)



අදහස් (0)

බංග්ලාදේශයේ පිපිරීමක් 16 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 149 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 294 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 640 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site