
සිසු අරගලයෙන්, අග්රාමාත්ය ධුරයේ කටයුතු කළ ෂෙයික් හසීනා ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු, බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිටත් සිදුවෙමින් පවතී.
තරුණ තරුණියන්ගේ අප්රසාදයට ලක් වූ හසීනාගේ අවාමී ලීගය පක්ෂය මැතිවරණයට සහභාගී නොවුණු බව පැවැසෙයි. මැතිවරණ බලධාරින්ට අනුව, ඡන්දය ප්රකාශ කළ ප්රතිශතය සියයට 55 කි.
නිල නොවන වාර්තා අනුව, බංග්ලාදේශ ජාතික පක්ෂය මේ වනවිට ඉදිරියෙන් පසුවෙයි. එම පක්ෂයට නායකත්වය දෙන්නේ අභවප්රාප්ත බංග්ලාදේශ අග්රාමාත්යවරියක වන කලීඩා සියාගේ පුත්රයා තරීක් රෙහ්මාන්ය.
බංග්ලාදේශ පාර්ලිමේන්තුව නියෝජිතයන් 350 දෙනකුගෙන් සමන්විත අතර, එයින් 300 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා ගැනීම සිදුවෙයි. ඉතිරි 50 කාන්තාවන් සඳහා වෙන් කර ඇත.
මැතිවරණයට සමගාමීව ජනමත විමසුමක් ද පැවැත්විණි. හ් කන දේශපාලන ප්රතිසංස්කරණ හඳුන්වා දෙමිනි. එම ප්රතිසංස්කරණ යටතේ අග්රාමාත්යවරයාගේ ධුර කාලය ද සීමා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd