(යොහාන් භාසුර)
බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (18) සමත් වූහ.
දෙරට අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලු 4 ක පහසු ජයක් ලැබීය.
දඟ පන්දු යවන්නක් ලෙස කණ්ඩායමට ඇතුළත් වූ 21 ක් හැවිරිදි රිෂාඩ් හොසේන් අනපේක්‍ෂිත ප්‍රහාරයක් දියත් කිරීමට කැපී පෙනුණි. හොසේන් පන්දු 18 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් ජයග්‍රහණය ඉක්මන් කළේය.
ආරම්භක පිතිකරු ටන්ෂිඩ් හසන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 81 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 235
(කුසල් මෙන්ඩිස් 29, චරිත් අසලංක 37, ජනිත් ලියනගේ නොදැවී 101, මහීෂ් තීක්‍ෂණ 15, ටස්කින් අහමඩ් 42/3, මුස්ටෆිෂූර් රහමන් 39/2, මෙහෙදි හසන් මිරාෂ් 38/2)
බංග්ලාදේශ පිල ඕවර 40.2 කදී කඩුලු 6 ට 237
(ටන්ෂිඩ් හසන් 84, තව්හිඩ් රිඩෝයි 22, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 37, මෙහෙදි හසන් මිරාෂ් 25, රිෂාඩ් හොසේන් නොදැවී 48, ළහිරු කුමාර 48/4, වනිඳු හසරංග 64/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් කියන්නේ නොවැදගත් දෙයක් මේ කාලේ. මූලිකම දේ තමයි හැම ශේෂ්ත්‍රයකම ලාංකිකයෝ අද හැම අතින්ම මානසිකව වැටිලා. අපි ඉන්නේ බංගලිදෙශේට වඩා පහලින් කියන ඇත්ත පිළිගන්න වෙනවා. සිංහයෝ, සිංහයෝ කියා කියා බොරුවට තමන්ව පුම්බාගන්න එපා. ඉන්නේ වලේ කියලා දැනගත්තොත් තමයි ගොඩඑන්න පුළුවන්. අපේ ටීම් එකේ හැසිරීමත් අන්තිමයි. ඒ පැත්තෙනුත් අපි බංගලි ටීම් එකට වඩා පහත්. එක කාලයක් හැම අතින්ම උසස්. අපි බංගලි වෙලා ඔවුන් සිංහයෝ වෙලා නේද? ඒ ඇත්ත දකින කල් අපිට ගොඩ එන්න බෑ...
විසිඑක්වන සියවසේ තෙවන දශකයේ මහා ඩොලර් (සිල්වාර්) රජාණෙණි, අනේ මේ අපේ කොල්ලෝ ටිකට ඇඟ කද පණ පිහිටන්න ඩොලර් විසිකරලා හොඳට කවලා පොවලා දැන්ම ඉඳලා කේක් එක අයිසිං කරලා ගත්තේ නැත්තං ඊළඟ වර්ල්ඩ් කප් එක උස්සන්න බැරි වුණොත් ඉතිං සිස්ටම් චේන්ජ් ඩෙෆිනිට්...
ලංකාවේ ඉන්නේ මෝඩ, බූරු හැත්තක්ද කියනවා නම් ඔවුන් තාමත් ක්‍රිකට් බලනවා. ලංකාවේ දේශපාලනයයි, ක්‍රිකටුයි අතර වැඩි වෙනසක් නැහැ. මේ මෝඩ සිංහලයින් තාමත් මේවා හරි හැටි දන්නේ නෑ.
ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව බංගලාදේශ කණ්ඩායම ප්‍රබලයි...ඔවුන් දක්ෂයි...ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තුන් හතර දෙනෙක් හැරුණු විට අනෙක් සියලු දෙනාම කබ්බෝ රැලක් කියලා තමයි මට නම් හිතෙන්නේ... අර අවිශ්ක ප්‍රනාන්දු කියන ආරම්භක පිතිකරුවව කණ්ඩායමට ඇතුලත් කලේ කාගේ උවමනාවටද..? දසුන් චානක, ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරග වලට සුදුසු නැද්ද...? බංගලියෝ අපහාසයට වගේ හිනා වෙවී, ගහපු ගැහිල්ලට, ලංකාවේ ක්‍රිකට් ඔස්තාර්ලට මුකුත් හිතිලා නැහැ වගෙයි... උඹලට හැමතැනම වැරදිලා... එත් ඒවා, හදා ගන්න එපා...ඊට වඩා පහසුයි විහින් නැහෙන එක....මීට අවුරුදු විසි අටකට කලින් ගත්තු ලෝක කුසලානයක් ගැන තවමත් පම්පෝරි ගහමින් ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන ඉන්නවා... ලෝකය නුඹලාට වඩා ගොඩක් වේගයෙන් ඉදිරියට යනවා.. උඹලා දක්ෂයින්ව වනසලා, කබ්බන්ට ආවඩලා මේ නරාවලේ ඉඳගෙන කයිවාරු ගහනවා... ඔහොම වෙලා මදි...!!!