IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බංග්ලාදේශය ඉක්මනින් හරි පාරට ඒවි

(අංජුල මහික වීරරත්න)

බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට තමාට  සැකයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි. 

"අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළ යුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි. 

ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.



අදහස් (12)

බංග්ලාදේශය ඉක්මනින් හරි පාරට ඒවි

විජිත් Tuesday, 06 August 2024 07:48 PM

රනිල්, වැඩිය දඟලලා අන්තිමට ශික් හෂිනාට වුණු දේ තමයි එයාටත් වෙන්නේ ඡන්දෙ පැරදුණාම... අනිත් එක ශික් හෂිනා කියන්නේ මහජන ඡන්දෙකින් ජයගත්තු කෙනෙක් මිසක් ඔයා වගේ හොරුන්ගෙන් පත්වුණු කෙනෙක් නොවෙයි. බලයට පත්වුණාට පස්සේ නොයෙකුත් දූෂණ, චෝදනා වලට ලක්වූ ඇය දරුණු ලෙස විරුද්ධවාදීන්ගෙන් පළිගත්තා. එයාට පැනලා යන්න ඉන්දියාවවත් තිබුණා. හැබැයි ඔයාව කිසිම රටක් බාරගන්නේ නැහැ. ඉන්දියාව, ඇමරිකාව තමුන්ගේ යාලුවෝලු.. බලාගෙන ඉන්නවකෝ කෙලවුනාම ඔවුන් කියනදේ...!

:       0       0

Perera Tuesday, 06 August 2024 08:26 PM

ඔයා බංගලාදේශය ගැන හිතලා වැඩිය කරදර වෙන්න එපා. ඒගොල්ලෝ ඒක බලාගනීවි. සැප්තැම්බර් 21න් පස්සේ ඔයාට මොකද වෙන්නේ කියලා හිතන්නකෝ.

:       0       5

buruwa Tuesday, 06 August 2024 08:30 PM

පිනෙකුට රට දීලා ඉක්මනට හරි පාරට ඒවි.

:       0       4

Rata Perata Tuesday, 06 August 2024 09:02 PM

බංග්ලාදේශයෙන් ණය ගන්න ගන්න තරමට රට වට්ටපු කෙනෙක්... බංග්ලාදේශය ගැන කියවනවා. මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ අපි මෝඩයින් කියලා. ඔහේට වැඩිය අපි දන්නවා ලෝකයේ රටවල් ගැන සහ ජනතාවාදී පාලනයන් ගැන.

:       0       0

CU Tuesday, 06 August 2024 09:24 PM

මිනිස්සු එකතු වුනොත් කොච්චර ලොකු එකෙක් වුණත් වෙන්නෙ දුවන්න තමයි.

:       0       0

Asela Tuesday, 06 August 2024 09:58 PM

ගෝඨාභය එලවපු වෙලාවේ ලංකාවේත් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් තමයි හොඳ...!

:       0       5

shantha Wednesday, 07 August 2024 01:23 AM

සීයේ ඔයාටත් ඔය සන්තැසිය තමයි වෙන්නේ. සමහරවිට ඔයිටත් වඩා භයානක වෙන්නත් පුළුවන්. අර ගඩාෆිට වුණ දේ වගේ එකක්.

:       0       4

chandima Wednesday, 07 August 2024 04:15 AM

අපරාදෙ එහෙත් වුණානම් ඡන්දෙ දිනාගන්න බැරුව වේලි වේලි ඉන්න මන්ත්‍රී කෙනෙක්? යන්න කළින් දීලා යන්න තිබුණා අගමැතිකම...

:       0       3

පිනා Wednesday, 07 August 2024 06:48 AM

කලීඩා සියා කියන්නේ බලය තිබු කාලේදී පවුල පිටින් එකතුවෙලා රටේ මහජන මුදල් හොරකම් කරලා ඒවා අහුවෙලා උසාවියෙන් දඬුවම් ලැබූ හෙරක් , ඇය සිටිය යුත්තේ හිරේ , පිනාට මේ දේශපාලන හොරුන්ව හොරු විදිහට පෙන්නේ නැති එක පුදුමයක් නෙමෙයි

:       0       3

sam Wednesday, 07 August 2024 08:21 AM

හරියට හරි ඒ රටේ දේශපාලකයෝ අපේ රටේ වගේ ජාතික ධනය හොරා කන්නේ නැති ජනතාවට බොරු කෙලින්නේ නැති දූෂිතයෝ නෙමෙයි හින්දා රට ඉක්මණට ගොඩ එයි....

:       1       1

Chandula Wednesday, 07 August 2024 09:58 AM

ඔබතුමිය නොහිටියා නම් ලංකාවත් සහෝදරවරුත් කොල්ල කාලා... හරි පාරට ගත්තේ ඔබට ප්‍රණාමය

:       3       2

fairoos Wednesday, 07 August 2024 11:32 AM

මෙතුමාගේ සහාය අරගලයට

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site