
(අංජුල මහික වීරරත්න)
බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට තමාට සැකයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි.
"අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළ යුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි.
ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්, වැඩිය දඟලලා අන්තිමට ශික් හෂිනාට වුණු දේ තමයි එයාටත් වෙන්නේ ඡන්දෙ පැරදුණාම... අනිත් එක ශික් හෂිනා කියන්නේ මහජන ඡන්දෙකින් ජයගත්තු කෙනෙක් මිසක් ඔයා වගේ හොරුන්ගෙන් පත්වුණු කෙනෙක් නොවෙයි. බලයට පත්වුණාට පස්සේ නොයෙකුත් දූෂණ, චෝදනා වලට ලක්වූ ඇය දරුණු ලෙස විරුද්ධවාදීන්ගෙන් පළිගත්තා. එයාට පැනලා යන්න ඉන්දියාවවත් තිබුණා. හැබැයි ඔයාව කිසිම රටක් බාරගන්නේ නැහැ. ඉන්දියාව, ඇමරිකාව තමුන්ගේ යාලුවෝලු.. බලාගෙන ඉන්නවකෝ කෙලවුනාම ඔවුන් කියනදේ...!
ඔයා බංගලාදේශය ගැන හිතලා වැඩිය කරදර වෙන්න එපා. ඒගොල්ලෝ ඒක බලාගනීවි. සැප්තැම්බර් 21න් පස්සේ ඔයාට මොකද වෙන්නේ කියලා හිතන්නකෝ.
පිනෙකුට රට දීලා ඉක්මනට හරි පාරට ඒවි.
බංග්ලාදේශයෙන් ණය ගන්න ගන්න තරමට රට වට්ටපු කෙනෙක්... බංග්ලාදේශය ගැන කියවනවා. මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ අපි මෝඩයින් කියලා. ඔහේට වැඩිය අපි දන්නවා ලෝකයේ රටවල් ගැන සහ ජනතාවාදී පාලනයන් ගැන.
මිනිස්සු එකතු වුනොත් කොච්චර ලොකු එකෙක් වුණත් වෙන්නෙ දුවන්න තමයි.
ගෝඨාභය එලවපු වෙලාවේ ලංකාවේත් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් තමයි හොඳ...!
සීයේ ඔයාටත් ඔය සන්තැසිය තමයි වෙන්නේ. සමහරවිට ඔයිටත් වඩා භයානක වෙන්නත් පුළුවන්. අර ගඩාෆිට වුණ දේ වගේ එකක්.
අපරාදෙ එහෙත් වුණානම් ඡන්දෙ දිනාගන්න බැරුව වේලි වේලි ඉන්න මන්ත්‍රී කෙනෙක්? යන්න කළින් දීලා යන්න තිබුණා අගමැතිකම...
කලීඩා සියා කියන්නේ බලය තිබු කාලේදී පවුල පිටින් එකතුවෙලා රටේ මහජන මුදල් හොරකම් කරලා ඒවා අහුවෙලා උසාවියෙන් දඬුවම් ලැබූ හෙරක් , ඇය සිටිය යුත්තේ හිරේ , පිනාට මේ දේශපාලන හොරුන්ව හොරු විදිහට පෙන්නේ නැති එක පුදුමයක් නෙමෙයි
හරියට හරි ඒ රටේ දේශපාලකයෝ අපේ රටේ වගේ ජාතික ධනය හොරා කන්නේ නැති ජනතාවට බොරු කෙලින්නේ නැති දූෂිතයෝ නෙමෙයි හින්දා රට ඉක්මණට ගොඩ එයි....
ඔබතුමිය නොහිටියා නම් ලංකාවත් සහෝදරවරුත් කොල්ල කාලා... හරි පාරට ගත්තේ ඔබට ප්‍රණාමය
මෙතුමාගේ සහාය අරගලයට