(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (6) පැවැති දෙවැනි තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
බංග්ලාදේශය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සමවිය.
බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 166 ක ඉලක්කය ඕවර 18.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. නායක නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 53) සහ ටොට්හිට් හිඩෝයි (නොදැවී 32) තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 87 ක සම්බන්ධතාව ජයග්‍රහණය පහසු කළේය. සෞම්‍ය සාකර් ලකුණු 14 ක් රැස්කර සිටියදී බිනුර ප්‍රනාන්දු යැවූ ඉනිමේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දී දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු සංඥා කළ අතර එම දැවී යෑම සෞම්‍ය සාකර්, විනිසුරු තීරණ නැවත විමසීමට යොමු කළේය.
එහිදී පුනරූපනවලින් ද පන්දුව පිත්තේ වදින බවට ප්‍රදර්ශන වෙද්දී තෙවැනි විනිසුරු එය දැවී යෑමක් නොවන බවට සඳහන් කළ අතර පිටියයෙන් ඉවත් වෙමින් සිටි සෞම්‍ය සාකර් නැවත පන්දුවට පහර දීමට පැමිණියේය.
එම තීරණයට එරෙහිව නායක චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනිසුරුවන්ට දැඩි විරෝධය දැක්වූ අතර ඒ හේතුවෙන් තරගය විනාඩි කීපයක් නතර වී තිබුණි.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 165 (කුසල් මෙන්ඩිස් 36, කමිඳු මෙන්ඩිස් 37, චරිත් අසලංක 28, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32, දසුන් ශානක නොදැවී 20) බංග්ලාදේශ පිල ඕවර 18.1 කදී කඩුලු 2 ට 170 (ලින්ටන් දාස් 36, සෞම්‍ය සාකර් 26, නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී 53, ටොට්හිට් හිඩෝයි නොදැවී 32, මතීෂ පතිරණ 28/2)
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශ පිල කඩුලු 8 කින් ජයගනී