
(විමුක්ති එස් රුද්‍රිගු)
අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහා බංග්ලාදේශ් 12 වැනි පාර්ලිමේන්තුව එරට ජනපති මොහොමඩ් ෂහාබුදීන් අද (06) විසිරුවා හැරියේය.
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් සමාජ නියෝජිතයන්, "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන්" ව්‍යාපාරයේ නායකයින් ඇතුළු පාර්ශ්වකරුවන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් පසුව ජනපති ෂහාබුදීන් එරට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළේය. ජනාධිපති කාර්යයාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව දැනුම් දුන්නේය.
විරෝධතාවලට නායකත්වය දුන් "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන්" ව්‍යාපාරය අද (06) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ අද (06) සවස 3 ට පෙර බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළ යුතු බවයි. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සභාපති කලීඩා ෂියා අද (06) නිදහස ලැබූ අතර ඇයගේ පක්ෂයද බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.
රජයේ රැකියා කෝටාවට විරුද්ධව පසුගිය මාසයේදී ඇරඹි විරෝධතාවලදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලමින් පසුගියදා නැවතත් බංග්ලාදේශයේ විරෝධතා ආරම්භවූ අතර එහිදී විරෝධකරුවන් අග්‍රාමාත්‍ය නිල නිවස සහ පාර්ලිමේන්තුව ඇඳිරි නිතිය නොතකමින් අත්පත්කර ගත්තේය. බංග්ලාදේශ පාර්ලිමේන්තුව අත්පත්කර ගත් විරෝධතාකරුවන් මන්ත්‍රී අසුන්වල වාඩි වෙමින් සෙල්ෆි ඡායාරූප ගැනීමටද අමතක නොකළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගනිල්ලා අරගලයක් දිනවන හැටි... මෝඩ කපටි සල්ලිවලට විකිණෙන නිලියන්ට අහුවෙලා මුළු රටම නන්නත්තාර වුණා... වඩාත්ම පාඩුව අරගලයේ අවස්ථාව ගිලිහී ගිය එක... දැන් හබන් කුකුළන්ට ජය මඟුල් කනවා....
එකම පිටපතක්, රටවල් දෙකක්. වෙනස ලෝගුකාරයින්ට එහෙ කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඊළඟ කුරුමානම් අල්ලපු රට. ඒකේ සෙටප් එක හදන්න තව අවුරුදු 2- 3 ක් වත් යයි. සමහර විට ඒ වෙනකොට ලෝක භූ දේශපාලන වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇත...
කවුරුත් රැල්ලට යනවා. දැන් එහේ ශිෂ්‍ය ක්‍රියාකාරීනුත් ඇඟට අරගෙනයි ඉන්නේ. නමුත් රටට ඉදිරියට මුහුණ දෙන්න වෙන ගැටළු බොහෝයි. හෙට හරියට නොදකින තරුණ කොටස් කලබලවෙලා කැරැළි ගහලා වැඩක් කළා කියලා පිම්බෙන එක අපේ රටටත් පොදු කාරණයක්...!