IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බංගලාදේශ ණයෙන් කොටසක් ගෙවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල මෙම වසර අවසන් වන විට ගෙවා නිම කරනු ඇතැයි බංගලාදේශය බලාපොරොත්තු වන බවත් තවත් කොටසක් මෙම මාසය අවසානයේ ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා ඇත.

 



අදහස් (4)

බංගලාදේශ ණයෙන් කොටසක් ගෙවයි

Muthu Tuesday, 22 August 2023 07:16 AM

රට කාල විනාශ කරපු හොර දේශපාලුවෝ නිසා, ලෝකේ ඉස්සරහා බාල්දු වන ජාතියක්. මහා රජාගේ හත්මුතු පරම්පරාවම ගොඩ. රටේ හතුමුතු පරම්පරාවම හිඟන්නෝ වෙලා. හැබැයි වජිර කියන විදියට අපි තව ටික දවසකින් මුළු ලෝකෙටම නය දෙනවා. සුද්දියෝ අපේ ගෙවල් වල මෙහෙකාර කමට එනවා. මුළු ලෝකෙම නායකයෝ රනිල්ට බයයි. මේ වගේ ගොන් කතා කියන්න ලොකු තරඟයක් තියෙනවා අමරවීර, සියඹලා පිටිය, රංගේ බණ්ඩාර, වජිර, බන්දුල, හා රනිල් අතර. හැබැයි ඉස්සරහින්ම බැංකු අධිපතිත් ඉන්නවා. මිනිස්සු ඉහවහ ගිය කෝපයෙන් මේ විහිලු කතා අහනවා. අවු 30 - 40 කට කලින්, කොරියාව තනිකරම මුඩුක්කුවක්, අද ඒ මුඩුක්කුවේ කම්කරු විසා එකත් අපේ මිනිස්සුන්ට මහමෙරක් තරම් වටිනවා. ඩුබායි උනත් ඒ වගේ. ඒ මිනිස්සු බත් පිඟානට එහා රටක් දුටු නිසා, පාලකයෝ ඒ රටවල් හැදුවා. අපි බොරු කයිවාරු ගගහ ඉන්නවා.

:       0       13

බද්රානිTuesday, 22 August 2023 07:33 PM

MUTHU, මතක නැද්ද, ඒ කාලේ "කන්න නැතත් ඉන්න රටක්" ඉල්ලපු මිනිස්සු හිටිය රටක් මේක කියලා. ආර්ථිකය හදන නායකයෙක් වෙනුවට, රට බේරගන්න නායකයෙක් ගෙනාපු අම්බරුවෝ ඉන්න රටක් කියලා අපිට නම් අමතක නැහැ. මතක නැද්ද ඒ කාළේ අම්බරුවන්ට තිබුණු, වඳ කොත්තු, හලාල්, බුර්කාව, විල්පත්තුව කැපීම, පැලෝපීය නාල මිරිකීම, ටියුෂන් ගුරාගේ රට බෙදන සිතියම, සයිටම්, ඒකීය රටක්, වගේ පුදුමාකාර ගැටළු තිබුණා. ඉතින්, දැන් ඒ එකක්වත් නැහැනේ.. ලෝකෙට ලොක්කන් යයි කියලා හිතාගෙන ලෝකෙන්ම හිඟා කාලා, මේ රට ඇතුලේ අපිට ලොක්කෝ වගේ ඉන්න පුළුවන්නේ.. හොර දේශපාලකයෝ රැලකුයි, බඩ ගෝස්තරවාදී, තක්කඩි පූජක රැලකුයි එකට එකතුවෙලා මේ රට මෝඩ අඥානයින්ගේ නිජබිමක් කර හමාරයි. ඒකටම හරියන්න දැන් බිහිවෙලා ඉන්නවා... අහසින් වැටුණු ව්‍යාපාරික "මෝටිවේෂන් අප්පච්චිලා" රැලක් හා තරුණ පරපුර නොමග යවන ටියුෂන් ගුරාලා රැලක්.. මට නම් හිතෙන්නේ, දැන් කන සුපිරි කොත්තු අජීර්ණ වෙන්න තව වැඩි කලක් ගත නොවන බවයි. ආ.. ඒ විතරක්ද, උතුරේ මදාවියෙක් නේ... දැන් උතුරේ බුද්ධාගම ප්‍රචලිත කරන්නේත්.. කාටද ආඩම්බර...?

:       0       0

Nimal Tuesday, 22 August 2023 07:56 AM

ණය පියවියයුතු දිනයෙන් වසර ගණනකට පසු ණය මුදලින් කලක් (1/4) පියවේ.ජනාධිපතිට ජනාධිපතිට අනුව අප තවදුරටත් බංකොලොත් රටක් නොවෙයි .හෝම්බෙන්ම යන රටකයි

:       0       12

kavidhu Tuesday, 22 August 2023 01:51 PM

තව ණය අරන් ඡන්දය කිට්ටු වෙනකොට මොනවහරි නිකන් බෙදා දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site