IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෙංගාල බොක්කට ළඟ රටවල් ගිවිසුමක

(අංජුල මහික වීරරත්න)

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා එකමුතුවෙහි වන (BIMSTEC) සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන්  කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC) විසින් සිය සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට තීරණය කරනු ලැබ ඇත.

ඒ සඳහා වන සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව වන යෝජනාව 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, එකී යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම පිණිස නිලධාරී කමිටුවක් පත් කෙරිණි.

ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද එකී නිලධාරී කමිටු වාර්තාවේ සඳහන් නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින් සකස් කරනු ලබන සමුද්‍රීය ප්‍රවාහන සහයෝගීතාව සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දුන්නේය.

 



අදහස් (3)

බෙංගාල බොක්කට ළඟ රටවල් ගිවිසුමක

අන්දරේ Thursday, 20 June 2024 02:54 PM

ෂුවර් එකටම රටවල් හතේ නම් අමතක වෙලා නිසා තමයි (BIMSTEC) දාලා නැත්තේ...

:       0       0

chandima Thursday, 20 June 2024 07:23 PM

කට්ටිය එක්කලා ගිවිසුම අත්සන් කරලා ඒකෙ වාසිය ඉන්දියාවට ලැබෙන්න ලංකාවේ ත්‍රිකුණාමලේ මන්නාරම ප්‍රෙද්ශයේ කර්මාන්ත පුරයක් ආරම්භ කරන්න ඉන්දියාවට ඉඩම් බදු දෙනවා. මේ වගේ නායකයෝ ඉන්න රටක් දියුණු වෙනවද?

:       0       1

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 21 June 2024 05:04 AM

ඔක්කොම කුනු බෙන්ගාල බොක්කටනෙ. එ හින්දා අව්ලක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site