
(අංජුල මහික වීරරත්න)
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා එකමුතුවෙහි වන (BIMSTEC) සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC) විසින් සිය සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට තීරණය කරනු ලැබ ඇත.
ඒ සඳහා වන සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව වන යෝජනාව 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, එකී යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම පිණිස නිලධාරී කමිටුවක් පත් කෙරිණි.
ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද එකී නිලධාරී කමිටු වාර්තාවේ සඳහන් නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින් සකස් කරනු ලබන සමුද්‍රීය ප්‍රවාහන සහයෝගීතාව සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම රටවල් හතේ නම් අමතක වෙලා නිසා තමයි (BIMSTEC) දාලා නැත්තේ...
කට්ටිය එක්කලා ගිවිසුම අත්සන් කරලා ඒකෙ වාසිය ඉන්දියාවට ලැබෙන්න ලංකාවේ ත්‍රිකුණාමලේ මන්නාරම ප්‍රෙද්ශයේ කර්මාන්ත පුරයක් ආරම්භ කරන්න ඉන්දියාවට ඉඩම් බදු දෙනවා. මේ වගේ නායකයෝ ඉන්න රටක් දියුණු වෙනවද?
ඔක්කොම කුනු බෙන්ගාල බොක්කටනෙ. එ හින්දා අව්ලක් නැහැ.