
(සුජිත් හේවාජුලිගේ)
රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් අද (15) දැනුම් දුන්නේය.
රජයේ බංගලා වහාම බාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සිහිකැඳවීම් කිහිපයක්ම කර ඇතත් අද (15) වන විට නිවාස භාරදී ඇත්තේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනකු පමණක් බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරුන් රජයේ බංගලා බාරදීමේ ලොකු පසුබෑමක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය පවසයි.
හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කොළඹ 7 ප්‍රදේශයෙන් ලබාදී තිබූ බංගලා සංඛ්‍යාව 40 කි.මේ අනුව තවමත් බාර දී නැති බංගලා සංඛ්‍යාව 29කි.
මේ අතර අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමේදී සියලු කරුණු සමාලෝචනය කර වියදම් අඩුවන ආකාරයේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නොදුන්නු අය කවුද කියා රටට හෙලි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ ගොල්ලන් පුදුම විදියට මහජන මුදල් අවභාවිතා කරලා තියෙන බවයි පේන්නේ... (ඇයි විදුලි සහ ජල බිල්පත් පවා ගෙවන්නේ රජයෙන්නේ). ඒ නිවාස පිහිටලා තියෙන්නේත් ලංකාවේ හොඳම ස්ථාන වල. උදා:- බෞද්ධාලොක මාවත සහ එයට සම්බන්ධ පාරවල්.
මැති ඇමතිවරුන්ට නිළ නිවාස අවශ්‍ය නැහැ කියලා නේද කිව්වේ, කරුණාකරලා ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න.
වැරැද්ද කියන එක එයාලට සාමාන්‍ය දෙයක් වෙලා. ඒකයි මේ.
මේ උදවිය බංගලා දේශෙට යවන්න.
රාජ්‍යය විසින් ඇමතිවරුන්ට නිල නිල නිවාස ලබා දී ඇති අතර, ඔවුන් තවදුරටත් බලය නොමැති විට ඔවුන් භාර නොදුන්නේ නම්, ඔවුන් ආපසු ගැනීමට රජයට උසාවියට යා යුතුය. මොන විහිළුවක්ද.
රටේ අහිංසක මිනිසුන් ව මොන විදියකින් හරි රවට්ටගෙන දිගටම රට කාගෙන කාගෙන ඉවරෙටම කන්න හිතන් හිටපු නිසා තමයි පහුගිය කාලේ දිගටම බලේ ඉන්නයි ආපහු අරහෙන් මෙහෙන් එක එක සන්ධාන හදාගෙන ආපහු බලයට එන්නයි දන්නා තරම් ලෝකේ තියෙන සියලු උප්පර වැට්ටි කලේ. ඇත්තටම මේ සෙට් එක වගේ මහම මහා කාලකන්නි දේශපාලන රැලක් ආසියාවේ නෙමෙයි, මුළු ලෝකේ කොහේ වත් රටක ඉන්නේ නැතුව ඇති. රට ඉස්සරහ තියෙන භයානක ණයබර තත්වේ අබ මල් රේණුවක තරම් වත් ගානකට ගන්නේ නැතුව පහුගිය කාලේ අත දිගඇරලා තමන්ගේ සැප ජීවිතේ ගෙනියන්න රටේ බදු මුදල් වියදම් කළා නේද? ඒ මදිවට තියෙන දේවලුත් තුට්ටුවට දෙකට විකුණලා ඒ සල්ලිත් කාලා විනාශ කරන්නනේ හැදුවේ. දැන් තියෙන්නේ පොදුවේ අධිකරණ නියෝගයක් අරන් රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙටම පේන්න ඇදලා එලියට දාන්නයි. තවත් දිගටම සෙල්ලම් නටන්න දෙන්න නරකයි...
30 වෙනකම් ඉදී .මුන්ව ඇදලා එලියට දාන්න පොලිසියට බලය දෙන්න
මේ රටේ ජනතාවගේ දේපළ මේ අයගේ අම්ම අප්පගේ බූදලයක් කියලා හිතාගෙන පරිහරණය කළ හොර කල්ලියක් තමයි මෙච්චර කල් මේ රට පාලනය කලේ... ව්‍යවස්ථාවෙන්ම හොරුන්ටලැබී ඇති විශේෂ වරප්‍රසාද නැති කරන්න ඕනෑ. මේ හොර කල්ලියේ සාමාජිකයින් පිළිබඳව නිසි කඩිනම් විමර්ශන සිදුකොට ඔවුන්ගේ දේපළ රජයට පවරාගෙන කල යුතුයි... ඒකට විසඳුමක් ගේන්න නම්, ශක්තිමත් රජයක් පිහිටුවා ගත යුතුයි.. හොරුන්ට ආවඩන රජවරු යටතේ නිවටයින් ලෙස ජීවත් වීමට කැමති ගොබ්බයිනුත් ඔවුන්ගේ අන් තට්ටුව හිසෙන් ගලවා ගෙන ප්‍රඥාවන්තව නිවැරැදි ලෙස තමන්ගේ ඡන්දය පාවිච්චි කළොත්, අපි හැමෝටම ආර්ථික පීඩාවක් නොමැතිව මේ රටේ ජීවත් විය හැකියි.