
(සුජිත් හේවාජුලිගේ)
රජයේ බංගලා බාර නොදෙන හිටපු ඇමැතිවරුන්ට අදින් (30) පසු නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.
මේ අනුව සියලුම බංගලා අද දිනයේ බාරදී අවසන් කළ යුතුවේ. හිටපු අමාත්‍යවරුන් දොළොස් දෙනකු රජයේ නිල නිවාස තවමත් බාරදී නැති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
හිඟ ජල සහ විදුලි බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමෙන් පසු නිල නිවාස බාර දෙන්නැයි අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය.
හිඟ බිල්පත් සහිතව නිල නිවාස බාර නොගන්නා බවද අමාත්‍යාංශය පවසයි.මේ අතර හිටපු අමාත්‍යවරුන්ගේ බංගලාවල ගෘහ භාණ්ඩ ඇතුළු වත්කම් සම්බන්ධයෙන් අමාත්‍යාංශය කළ මූලික පරීක්ෂා දැනට අවසන් කර ඇත.රජයට අයත් අමාත්‍ය නිල නිවාස සංඛ්‍යාව 28කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ? සීයා බලයට ආවානම් ඔහොම කරයිද
ඔය මිනිස්සුන්ගේ නම කියන්න .ජනතාවට දැනගන්න .Npp එකත් බයවෙලා වගේ නම් දාන්නේ නැත්තේ
අදින් පසු 2048න් පසු වෙන්නත් පුළුවන්...