IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බිංගිරියේ සිට මාරයා උණවටුනට ඇවිත් සිසුවා බිලිගනි

(ඩී.ජී.සුගතපාල)

  බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ සංචාරයකට පැමිණි දහම් පාසල් සිසුන් කණ්ඩායමක   සිසුවෙකු උණවටුන රුමස්සලදී සිදුවු අනතුරකින් අද සවස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බිංගිරිය පුෂ්පාරාම විහාර මාවත පදිංචි ඒ.එම් ඒ.පී.අත්තනායක නමැති 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

මියගිය සිසුවා ඇතුලු සිසුන් 112ක කණ්ඩායමක් බස් රථ දෙකකින් පැමිණ පළමුව ගාල්ල කොටුව නරඹා උණවුටන සාම චෛත්‍ය නැරඹිට යන අතර අනතුර සිදුව ඇත.බස් රථ රූමස්සල කන්ද මාරගයේ ධාවනය කරමින් සිටියදි  පටු ස්ථානයකදි ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදිම සඳහා බස් රථය පිටු පසට ගන්නාවිට මෙම සිසුවා හිස එලියට දමා ඇත.  ඒ සමගම විදුලි පහන් කණුවක හිසවැදි බස් රථයට සහ විදුලි කණුවට හිස සිරවි ඇත.

පසුව බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.පශ්චාත මරණ පරික්ෂණය හෙට කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතය.

 



අදහස් (3)

බිංගිරියේ සිට මාරයා උණවටුනට ඇවිත් සිසුවා බිලිගනි

Uduli Monday, 21 August 2023 07:52 AM

පුතණුවනි, ඔබ‍ට නිවන්සුව පතමු.

:       0       3

de silva Monday, 21 August 2023 08:19 AM

අද කාලයේ පාසල් සිසුන් බහුතරයකගේ විනයක් නැහැ. ගුරුවරුන්ට ඔවුන්ව පාලනය කරගන්න බැහැ. ගුරුවරුන්ට දොස් කියලා වැඩක් නැහැ.

:       0       5

AnuraMonday, 21 August 2023 11:53 AM

පාලනය කරගන්න බැරිනං අනුන්ගේ ළමයි මෙහෙම ගමන් බිමන් රැගෙන යන්නේ ඇයි?. පවතින සමාජ වාතාවරණය තුළ ළමයි පාලනයෙන් තොරයි. පාසල හෝ දහම් පාසල තුළ අදාල රාජකාරිවලට අමතරව දරුවන් පිටට රැගෙන යාම ගැන නැවත නැවතත් සිතා බැලිය යුතුයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site