
( තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
ගම්පහ පහළගම මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ, කොල්ලකරුවකුගේ පිහි පාරට ලක්වූ 29 හැවිරිදි තරුණ විවාහකයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ, පහළගම ෙපදිංචිව සිටි රසික විනෝද් නමැති විවාහක තැනැත්තෙකු බව පොලීසිය සඳහන් කරයි.ෙ
යතුරු පැදියකින් පැමිණි යුවළක් මහමග ගමන් ගත් මියගිය පුද්ගලයාගේ බිරිය සහ තවත් යෙහෙළික මාර්ගයේ ගමන් ගනින්දී යතුරු පැදියකින් ආ යුවළක් බිරියගේ යෙහෙළිය අත වූ බෑගය සහ ඇගේ රන් මාලය කොල්ල කෑමට උත්සහ කර ඇත.
ඒ අවස්ථාවේ ඔවුන්ගේ කෑගැසීම ඇසී මරණ කරු ඇළු පිරිසක් කොල්ලකරුවන් පසු පස හඹා යද්දී කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය පෙරලී ඇත. ඒ අවස්ථාවේ ඔවුන් අල්ලා ගැනීමට යාමේදී කොල්ලකරුගේ පිහි ප්‍රහාරයට ලක් ව රෝහල් ගත කිරීමට යාන අතර තුර ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු සහ සැකකාරිය පොලීසිය හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඊයේ ATM එකෙන් මුදල් ගත්තා. හැබැයි අඟල් 9ක් දිග උල් පිහියක් මගේ පිටිපස්සේ ටී ෂර්ට් එකට යටින් තිබුණා. මගේ ආරක්ෂාව මම සලසා ගන්නවා...
මේකටත් ඇප දෙයි නේද?
ගම්පහ නගරය අවට ගම්මානවල ලයිට් කණුවල ලයිට් නැහැ. රෑට කට්ට කළුවරයි, පාරවල්... ප්‍රාදේශීය සභාවේ ලයිට් හදන්න එන අය කිසිම උනන්දුවක් නැහැ. ඕනෑවට එපාවට හදන්නේ.. ඒ හැදුවත් දවසයි, දෙකයි.