(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය බැංකුවලට පොලු තැබූ තෝරු මෝරුන්ගේ ලැයිස්තුව මැතිසබයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ ප්‍රශ්න කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
තමා මේ ගැන අවස්ථා ගණනාවකදීම ප්‍රශ්න කළ බවත් රාජ්‍ය බැංකු දූ දරුවන්ගේ ණය පැහැර හැරීම් ගැන සංවේදී වෙනවා වගේම ලොකු කෝටිපතියන්ට වගකීමක් නොමැතිව දීපු ණය අය කර ගැනීමට සංවේදී නොවන්නේ මන්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.
රාජ්‍ය බැංකුවලට ණය ගෙවීම පැහැර හැරි තෝරු මෝරුන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා:
ණය නොගෙවන අයගේ ණය අය කර ගැනීමට උපරිම වශයෙන් කටයුතු කරනවා.
සෑම අයකු සම්බන්ධයෙන්ම විශේෂයක් නොකර බැංකු කටයුතු කරනවා. රාජ්‍ය බැංකු නොගෙවූ ණය පිළිබඳ අවදානම් සීමාවට කිට්ටුවෙන් සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර සල්ලි ගහපු අයගේ ලැයිස්තුවකුයි , නිදන් හොරුන්ගේ ලැයිස්තුවකුයි නම් තියෙනවා . ඕනද?